විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ ඒකකයට පසුගිය කාලසීමාව තුළ පැමිණිලි 3040ක් පමණ ලැබී ඇති බව එහි සභාපති කෝෂල වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු පවසන්නේ ඒ අතරින් වංචා දූෂණ සිද්ධි සම්බන්ධයෙන් ලද පැමිණිලි 15ක් පිළිබඳව විශේෂ පරීක්ෂණ ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බවය.
“විශේෂ ඒකකයකට ලැබුණු පැමිණි තියෙනවා 3,040ක්. එදිනෙදා විසඳුම් ලබාදෙන්න පුළුවන් 1,124ක් තියෙනවා. ඊට අමතරව අභ්‍යන්තර විගණන ක්‍රියාවලිය හරහා ලබාගත් තොරතුරු මත විශේෂ වංචා දූෂණ සිදුවුණා ද කියලා සැක විශේෂ පරීක්ෂණ 15ක් අපි තෝරාගෙන තියෙනවා. එයින් 3ක් මේ වෙද්දි අභ්‍යන්තර විගණනය විධිමත්ව සිදුකෙරෙමින් යනවා. තව කිහිපයක් යනවා එළියේ මාධ්‍යවල සාකච්ඡා වුණ. ඒකට තොරතුරු අපි ගනිමින් ඉන්නවා.”