මෙරට වකුගඩු ජාවාරම්කරුවන් විදෙස් ජාතිකයින්ටත් වකුගඩු විකුණා විශාල මුදලක් උපයාගෙන ඇතැයි නීතිපතිවරයා අධිකරණයට ඊයේ (17) දැනුම් දුන්නේය.
බොරැල්ලේ පිහිටි වෙස්ටන් පුද්ගලික රෝහලේ දී සිදුව ඇතැයි කියන එම වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් සිදු කරන පුළුල් පරීක්ෂණයේ දී අබුඩාබි ජාතිකයකුටද වකුගඩුවක් විකුණා තිබෙන බව අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය වෙත දන්වා සිටියේය.
වකුගඩු ජාවාරමට අදාළ නඩුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය හමුවේ ඊයේ (17) යළි කැඳවූ අවස්ථාවේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් එලෙස දන්වා සිටියේය.
මෙම වකුගඩු ජාවාරම් සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකපිට අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් දෙදෙනකු සහ තැරැව්කරුවකු ලබන 31 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියම කළාය.