පුවත්

වගා වන්දි දෙන්න පුළුවන් භෝග 6කට පමණයි!

Published

on

පවතින නියං තත්ත්වයත් සමග හානිවූ වගාවන් සඳහා දැනට වන්දි ගෙවිය හැකි වන්නේ වගාවන් වර්ග 6කට පමණක් බව වාර්තා වේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අද (29) ප්‍රකාශ කළේ හානිවූ වගාවන් සඳහා වන්දි ගෙවිය හැකි වන්නේ වී, බඩඉරිඟු, මිරිස්, අර්තාපල්, ලොකු ලූනු සහ සෝයා බෝංචි යන වගාවන් සඳහා පමණක් බවය.

අනෙකුත් වගා හානි සඳහා යම් සහනයක් සැලසීමට හැකියාවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද කටයුතු කිරීමට සූදානම් බවද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ පවතින නියං තත්ත්වයත් සමග දිවයින පුරා වගා බිම් අක්කර 58,766කට හානි සිදුවී ඇති බවයි.

Trending

Exit mobile version