තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේදී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට නීතිමය බාධාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි.
වන සතුන්ගෙන් වන වගා හානිය ලංකාව පුරාම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බව සඳහන් කරමින් ලාල් කාන්ත මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී මේ බව සඳහන් කලේය.
මහනුවර දිස්ත්‍රික්කයේ දේශපාලන කටයුතු කිරීමේදී, පොදු ජන ජීවිතයටත් කෘෂි කර්මාන්තයටත් බාධා පමුණුවමින් සතුන්ගේ ප්‍රශ්නය රිලා ත්‍රස්තවාදයක් බවට පරිවර්තනය වී ඇති බවට නිරීක්ෂණය වී ඇති බවත් ලාල් කාන්ත අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියේය.
මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේ දිගු කාලයක් ගත වීමට පෙර එම ගැටලුව විසඳන බවට ගොවීන්ට ප්‍රතිඥාවක් ලබා දෙන බවය.