Connect with us

පුවත්

වගා හානි සඳහා ගෙවන රක්ෂණ වන්දි මුදල 100,000 කට එකඟතාව

Published

on

වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින් ගෙවන  රුපියල් 40,000ක වන්දි මුදල රුපියල් ලක්ෂය (100,000) දක්වා වැඩි කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ඒ අනුව වගා හානි සිදුවන හෙක්ටයාර් එකකට රුපියල් 250,000ක වන්දි මුදලක් හිමි වනු ඇත.

පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් පිරිසක් ඊයේ (20)  කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍යවරයා හමු වී ගොවි ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී එම ගොවි සංවිධානය විසින් අමාත්‍යවරයා වෙත මෙම යෝජනාව ඇතුළු යෝජනා  මාලාවක් ද ඉදිරිපත් කරන ලදි.

එම ගොවි සංවිධානයේ ඉල්ලීම ඵල දරමින් ඇමැතිවරයා  විසින්  මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.

වගා හානි වන්දි ලබා දීමේ දී දැනට අක්කරයක් සඳහා  රජය විසින්  ගෙවනු ලබන්නේ රුපියල් 40,000ක මුදලකි.එම මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන්නැයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ  මේ වනවිට සෑම වසරකම නියඟය, ගංවතුර සහ  වනසතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ යමින් පවතින නිසා වගා හානියක දී දැනට අක්කරයක් සඳහා රජය විසින්  කිසිදු දායකත්ව මුදලක් ලබා නොගනිමින් ගෙවනු ලබන රුපියල් 40,000ක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවයි.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පෙන්වා දී ඇත්තේ මේ වනවිටත් වගා හානි වන්දි මුදල අක්කරයකට රුපියල් 100,000ක් වශයෙන් ගෙවීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් තමන් ඉදිරිපත් කර ඇති බවත්, ඒ සඳහා  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වී ඇති බවත්ය.

මෙම යල කන්නයේ අධික වර්ෂාව නිසා සිදුව ඇති වගා හානි සඳහා කඩිනමින් වගා හානි වන්දි ලබා දීම සඳහා තමන් කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලයට උපදෙස් දී ඇති බව ද ඇමැතිවරයා ගොවි සංවිධාන සාමාජිකයන් හමුවේ පැවැසීය.

මීට අමතරව ආනයනික කෘෂි උපකරණ සඳහා රජය තීරු බද්දක් අය නොකරන බවත්  සියලු කෘෂි උපකරණ ආනයනය කිරීමේ දී සියලු බදුවලින් නිදහස් කිරීමට රජය පියවර ගෙන ඇති බවත් ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය. අගය එකතු කළ බද්ද ඇතැම් කෘෂි උපකරණ සඳහා අය කළත් එම බදු මුදල් නැවත අය කර ගත හැකි වීමේ පදනම මත (Refundable) පනවා ඇති බව ද අමරවීර මහතා කීය.එමෙන්ම වගා හානි වන්දි ලබා දීම සම්බන්ධව රජයේ වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කළේ රජය විසින් බවත්, ඒ සඳහා  ගොවීන් පාරට ඇද දැමීමට බලා සිටින ඇතැම් දේශපාලන පක්ෂවල ගොවි නියෝජිතයින් යැයි කියා ගන්නා පිරිස් හෝ මැදිහත් නොවූ බවත් ඇමැතිවරයා ගොවි සංවිධාන සාමාජිකයන් වෙත කරුණු පැහැදිලි කළේය.

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved