මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් වටවල අගරකන්ද මාර්ගයේ කොටසක් අද (12) නාය ගොස් තිබේ.
මෙම මාර්ගයේ ලොනැක් වත්තට පිවිසෙන මාර්ගය අසලින් මෙම නායයෑම සිදු වී ඇති බවත්, එම මාර්ගයේ බර වාහන ධාවනය සම්පූර්ණයෙන්ම නතර කර ඇතැයි වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා පවසයි.
(ඡායාරූපය : ඩේලිනිවුස්)