පුවත්

වට්ස්ඇප් මගින් සා/ පෙළ ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සංසරණය වීම ගැන විමර්ශනයක්

Published

on

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඊයේ (09) පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය වට්ස්ඇප් ඔස්සේ සංසරණය වීම පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

විභාග කොමසාරිස් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ, ඉංග්‍රීසි භාෂා විෂය පැවැත්වෙන අතරතුර එය වට්ස්ඇප් ඔස්සේ සංසරණය කර ඇති බවත්, විභාග අපේක්ෂකයින් වංචා සහගතව පිළිතුරු ලිවීම සඳහා මෙසේ සිදුකර ඇති බවත්ය.

කෙසේ වෙතත් ඉන් ඉංග්‍රීසි භාෂාව විෂයට අදාළ ප්‍රශ්න පත්‍රයේ රහස්‍යභාවයට බලපෑමක් වී නොමැති බවත් විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි.

මේ අතර, සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල භාෂා ප්‍රශ්න පත්‍රයේ දෝෂ ඇතැයි පැවසෙන සිද්ධියක් සම්බන්ධයෙන්ද විභාග දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Trending

Exit mobile version