පුවත්

වතු වැටුප් පෙත්සම කැඳවීම නොවැම්බර්

Published

on

වතු කම්කරු වැටුප් වැඩිකරන ලෙස නියම කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව වැවිලි සමාගම් ගොනුකළ පෙත්සම නොවැම්බර් 8 වනදා විභාගය සදහා කැදවන ලෙස අභියාචනාධිකරණය විසින් නියම කරන ලදී.

ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21ක් මෙම පෙත්සම ගොනුකර ඇත.

නඩුව ඊයේ (26) කැදවූ අවස්ථාවේ ඊට විරෝධතා ගොනුකර තිබෙන බව පාර්ශ්වකරුවන් දැනුම් දුන් අතර ඒ අනුව එය විභාගයට දින නියම කෙරුණි.

තමන්ගෙන් කිසිදු කරුණු විමසීමකින් තොරව වතු කම්කරු වැටුප් වැඩිකරමින් කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය නීති විරෝධී බවට පෙත්සම්කරුවන් චෝදනා කරති.

Trending

Exit mobile version