පුවත්

වතු සේවක වැටුප් වැඩි කළ ගැසට්ටුවට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

Published

on

වතු කම්කරු වැටුප් වැඩි කරමින් කම්කරු අමාත්‍යවරයා විසින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.

අදාළ වැටුප් වැඩි කිරීමට එරෙහිව ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීමට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වේ.

වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් 1700 දක්වා ඉහළ නැංවීම ස්ථිර කරමින් පසුගිය මැයි 21 වන දා ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

කම්කරු අමාත්‍යවරයා නිකුත් කළ මෙම ගැසට් නිවේදනය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ආගරපතන වැවිලි සමාගම ඇතුළු වැවිලි සමාගම් 21 ක් විසින් පෙත්සමක් ගොනු කර තිබුණි.

Trending

Exit mobile version