Connect with us

පුවත්

වනඅලින් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර

Published

on

දුම්රියේ වනඅලින් ඇතුළු වනජීවීන් ගැටීම වැළැක්වීමට AI තාක්ෂණයෙන් ලබා ගත් විසඳුම් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන තිබේ. 

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දායකත්වයෙන් කෘතිම බුද්ධිය (AI) තාක්ෂණය ඔස්සේ දුම්රියවල නව උපාංග සවි කිරීමේ කටයුතු ද සිදු කිරීමට නියමිත වන අතර එය මාර්තු මස පළමු සති දෙක තුළ නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාවට නැංවීමටද පියවර ගෙන ඇත. 

මෙම උපාංගය දුම්රියේ සවි කිරීමෙන් දුම්රිය ධාවනයේ යෙදීමේ දී අලිඇතුන් දුම්රිය මාර්ගයේ මීටර් 500ක් දුරින් සිටිය ද දුම්රිය රියදුරාට ඒ බව දැනුම් දීමක් සිදුවනු ඇති බව පරිසර අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එහි දී පර්යේෂණ මට්ටමෙන් තාක්ෂණික අත්හදා බැලීම් සිදු කිරීමට නියමිත අතර මෙම උපාංගය සවිකර මාස තුනක කාලයක් විධිමත් අධ්‍යයනකින් පසු මෙම උපාංගය වනජීවීන් හුවමාරුවන දුම්රිය ධාවන මාර්ගයන්ට අයත්  දුම්රියන්හි සවි කිරීමට ද අපේක්ෂිතය. 

එමෙන් ම රාත්‍රී කාලයේ ධාවනය වන දුම්රියන්හි වන අලීන් ගැටීම වැළැක්වීම සඳහා අමතර වේග සීමා ක්‍රියාත්මක කිරීම සහ දුම්රිය ආරම්භක වේලාවන් සංශෝධනය කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු ව තිබේ.

මේ අතර පරිසරවේදීන් සිදු කරන ලද ඉල්ලීමකට අනුව පරසර අමාත්‍ය දම්මික පටබැඳි, නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත්වීමෙන් හා  දුම්රිය අධිකාරියේ දායකත්වයෙන් දුම්රියට බිලිවෙන අලි ඇතුන් ආරක්ෂා කරගැනීම උදෙසා දුම්රිය මාර්ගයේ  සිල්බර අතර හිස්තැන් පිරිවීම පසුගියදා සිදුවිය.  

ගල්ඔය හංදිය – හිඟුරක්ගොඩ  අතර 141 සැතැපුම් කණුව ආසන්නයෙන් මෙය ආරම්භ කර ඇත. 

පුවත්

අද සිට ක්‍රියාත්මක “රැකියා සඳහා විදේශ ගතවීමේදී බලපාන නීතිය”

Published

on

By

ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාළ රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කළේ, පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබුණු බවය.

නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවල පිහිටි කම්කරු හා සුභසාධන අංශ මඟින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් අමෙරිකානු ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.

වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මඟින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.

පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටලුවලට පිළියමක් ලෙස ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved