පුවත්

වනවාසී හිමිට වන අලියෙක් අපවත්වෙන්න පහරදීලා !

Published

on

සෝමාවතිය රජ මහා විහාරය වැඳ පුදා ගැනීමට පැමිණි හිමිනමක් වන අලි ප්‍රහාරයකින් අද (05) උදෑසන මරුමුවට පත්ව ඇතැයි පුලස්තිපුර පොලිසිය පවසයි.

මෙසේ සෝමාවතී චෛත්‍යය වැඳපුදා ගෙන අද උදෑසන 04:45 ට පමණ නැවත පැමිණෙන විට දී සුංගාවිල වනජීවී කාර්යාලය අසලදී වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පරීක්ෂණ සිදුකරන පුලස්තිපුර පොලිසිය ප්‍රකාශකයකු පැවසීය. 

දොම්පේ වනවාසී ගිරිතලේ ශ්‍රී මෛත්‍රී නැමැති වයස අවුරුදු හතළිහක් පමණ වන හිමිනමක් මෙසේ අපවත්වී ඇතැයි පුලස්තිපුර පොලිසිය සදහන් කළ‌ේය.

Trending

Exit mobile version