පුවත්

වන්දි ඉල්ලා රිෂාඩ් නඩු මගට

Published

on

පාස්කු ප්‍රහරය සම්බන්ධයෙන් අසත්‍ය චෝදනා මත අත්අඩංගවට ගැනීම, රඳවා තබා ගැනීම මෙන්ම අපහාස කිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කර ගනිමින් වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීමට සාකච්ඡා කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදින් මහතාගේ පෞද්ගලික නීතිඥ රුෂ්දි හබීබ් මහතා පවසා තිබේ.

වැඩිදුටත් අදහස් දක්වමින් රුෂ්දි හබීබ් මහතා මෙසේද පවසා තිබේ.

පි.ටී.ඒ. යටතේ මාස 7ක් රඳවා තබා ගැනීම, බොරු චෝදනාවක් යටතේ පොලීසියට පැමිණිලි කිරීම සම්බන්ධයෙන් ගතහැකි සිවිල් ක්‍රියාමාර්ගය තමයි වන්දි ඉල්ලා නඩුවක් ගොනු කිරීම.

මේ වනවිටත් ශ්‍රේෂ්ඨාකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් ගොනුකර තිබෙනවා. ඒ නඩුව ගොනු කරලා තබෙන්නේ මේකට සම්බන්ධ අය වගඋත්තරකරුවන් කරලා යැයි ඒ මහතා වැඩිදුරටත් පැවැසීය..

මූලාශ්‍රය – අද පුවත්පත

Trending

Exit mobile version