Connect with us

පුවත්

වරදාන වරප්‍රසාද වෙනුවෙන් සමහරු පක්ෂෙන් ගියා

Published

on

පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඈත් වූ පාක්ෂිකයින් නැවත වතාවක් පක්ෂයට එකතුවෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

එලෙස පැමිණෙන අයව පක්ෂයට ආදරයෙන් පිළිගන්නා බව රාජාංගනය ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් නාමල් මහතා පවසා සිටියේය.

ඇතැම් නායකයින්ගේ ක්‍රියාකලාප නිසා පාක්ෂිකයින් පක්ෂයෙන් ඈත්වූ අතර වරදාන වරප්‍රසාද වෙනුවෙන් ඇතැම් නායකයින් පක්ෂයෙන් ඈත් වූ බව හිටපු මන්ත්‍රීවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

”පහුගිය ජනාධිපතිවරණයට පෙර සිදුවීම් එක්ක බැලුවහම හිත් අමනාපකම් හින්දා,යම් යම් කාරණා නිසා ජනතාව අපෙන් ඈත් වුණා. සමහර නායකයෝ නිසා අපෙන් ඈත් වුණා. නායකයෝ වරදාන වරප්‍රසාද නිසා අපෙන් ඈත් වුණා. නායකයාගේ ක්‍රියාකලාපය නිසා ජනතාව ඈත් වුණා. වරදාන වරප්‍රසාද නිසා නායකයෝ ඈත් වුණා. ඈත් වෙච්ච නායකයෝ ගියාවේ කියල ඒ නායකයෝ නිසා හිත් අමනාප වෙච්ච හිත් බිදිච්ච අපේ පාක්ෂිකයෝ නැවත වතාවක් අපි එක්ක එකතු වෙමින් ඉන්නවා. අපි ඔවුන්ව ආදරයෙන් පක්ෂයට පිළිගන්නවා. මොකද අපි වැඩ කරපු දේශපාලන පක්ෂයක්. අපි ගමට වැඩ කරලා තියෙනවා.මේ දරුවන්ගේ අධ්‍යාපනයට අපි වැඩ කරලා තියෙනවා. මම අදත් විශ්වාස කරනවා වර්තමාන ආණ්ඩුව මේ දරුවන්ගේ අධ්‍යාපනය හදන්න මහන්සි වෙන්න ඕනේ.”

පුවත්

වහාම ක්‍රියාත්මක වන පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි 05දෙනෙකුට ස්ථාන මාරු

Published

on

By

රාජ්‍ය නිවේදිත නිලධාරීන් 5 දෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීම් හා පත්කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියට යටත්ව මෙය සිදුකර ඇති බවය.

අදාළ පත්කිරීම් හා ස්ථානමාරු කිරීම් මෙසේය

Continue Reading

පුවත්

ධීවර යාත්‍රා අනතුරු සම්බන්ධයෙන් සොයා බැලීමට කමිටුවක්

Published

on

By

දිගින් දිගටම සිදුවන ධීවර යාත්‍රා අනතුරට ලක්වීමේ සිදුවීම් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බව ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා පවසයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ අදාළ අනතුරුවලට හේතුවූ කරුණු හා ඒ සඳහා ලබාදිය හැකි විසඳුම් පිළිබඳව අවධානය යොමුකිරීමේ අරමුණින් මෙම කමිටුව පත්කර ඇති බවය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ලෝක බල අරගලය මෙරට බල පෙරළියකට තුඩුදිය හැකියි – රනිල්

Published

on

By

ලෝකය බල අරගලයක් වෙත ගමන් කරන අවදානම් තත්ත්වය යටතේ ඉතා දුර්වල ආර්ථිකයක් හිමි ශ්‍රී ලංකාවට ඉදිරියේදී දැඩි ආර්ථික බලපෑමක් එල්ල විය හැකි බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.

එය මෙරටේ බල හුවමාරුවකට පවා තුඩු දිය හැකි බවද හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත විසින් රචිත “විකල්ප මඟ” කෘතිය කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ කාර්යාලයේදී පසුගියදා හිටපු ජනාධිපතිවරයාට පිරිනැමීම සඳහා පැවැති සුහද හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළේය. 

“ඊශ්‍රාලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාරය හෙලා දකිමින් මම ඉරානය පැත්තේ හිටගන්නවා. මෙම ප්‍රහාරය දියත් කළේ ඉරානය පරමාණුක බලශක්තිය සම්බන්ධයෙන් ඇමරිකාව සමග සාකච්ඡා කරමින් සිටින විටයි. ලෝකයේ න්‍යෂ්ටික හා ආර්ථික බලයේ ආධිපත්‍ය ඇමරිකාව ඇතුළු බටහිර කඳවුරෙන් ගිලිහී යමින් පවතිනවා. ආසියානු රටවල් අතරට එය පත්වෙමින් තිබෙනවා. රුසියාව, චීනය බලවේගයක් ලෙස මේ වන විට නැගී සිටිනවා. එම බලවේගය ඇමරිකාව ඇතුළු බටහිර රටවලට කරදරයක්. චීන මුදල් ඒකකය අන්තර් ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේ මුදල් ඒකකයක් ලෙස ඉදිරියට පැමිණ තිබෙනවා. එය BRICS ඇතුළු රටවල් දැනටමත් භාවිත කිරීමට පටන් ගෙන තිබෙනවා. එය අපේ රටටද ඉදිරියේදී අන්තර්ජාතික ගනුදෙනු නිරවුල් කිරීමේදී භාවිත කළ හැකි මුදල් ඒකකයක්. මේ අවස්ථාවේ ඉන්දියාව අමතක කරන්නත් හොඳ නැහැ. ඇමරිකා ඩොලර් ට්‍රිලියන හතරක විදේශ සංචිතයක් ඇති ඉන්දියාව සමග අපි ගමන් කළ යුතුයි.”

මෙහිදී හිටපු ජනාධිපතිවරයා වත්මන් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ගැන කියමින් ඔහු විපක්ෂයේ හදවත බදු බවත් ඔහු ආරක්ෂා කිරීමේ වගකීම අපි සැමට ඇති බවත් කීවේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved