පුවත්

වරද පිළිගත් කතාව බොරුවක් – ලංවිම

Published

on

දෙසැම්බර් මාසය මුලදී දිවයින පුරා සිදු වූ හදිසි විදුලිය බිඳවැටීමට සම්බන්ධයෙන් සිය ආයතනය වරද පිළිගෙන ඇතැයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව කර ඇති ප්‍රකාශය ප්‍රතික්ෂේප කරන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

අද (27) පෙරවරුවේ මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වූයේ මෙම විදුලිය බිඳවැටීම සිය ආයතනය අතින් වූ වරදක් යැයි ලංකා විදුලිබල මණ්ඩලය පිළිගෙන ඇති බවයි.

මෙම නිවේදනය සාවද්‍ය බව පවසන ලංකා විදුලිබල මණ්ඩලය, එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන අභ්‍යන්තර හා බාහිර කමිටු වල වාර්තාද තවමත් භාරදී අවසන් නැති බවයි.

Trending

Exit mobile version