පුවත්

වර්ජනයෙන් හිරවුන තැපෑල

Published

on

තැපැල් සේවකයින් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුළු අනෙකුත් තැපැල් කාර්යාලවල ලිපි සහ පාර්සල් ලක්ෂ දොළහක් පමණ සිරවී තිබෙන බව තැපැල් වෘත්තිය සමිති පවසති.

මධ්‍යම තැපැල් හුවමාරුවේ පමණක් දේශීය සහ විදේශීය තැපැල් භාණ්ඩ ලක්ෂ 7 ක් පමණ මෙලෙස සිරවී තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සමකැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා සඳහන් කලේය.

විවිධ ශ්‍රේණි වලට අයත් පුරප්පාඩු 7000 සම්පූර්ණ කිරිම, අනියම් සහ ආදේශක පිරිස් ස්ථීර සේවයේ පිහිටුවීම, උසස් වීම් ලබාදීම ඇතුලු ඉල්ලීම් මුල් කරගනිමින් තැපැල් වෘත්තීය සමිති විසින් සඳුදා (08) සිට මෙම වර්ජනය ආරම්භ කරන ලදී.

ඊයේ (09) දහවල් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම්වරයා සමග පැවති සාකච්ඡාවෙන් අනතුරුව පැය 48ක සංකේතාත්මක වර්ජනය අවසන් විය.

සබැඳි පුවත්

තැපෑල යළි වැඩ අරඹයි

Trending

Exit mobile version