Connect with us

පුවත්

වරායේ හිරවුණ වාහන නිදහස් කරගන්න අලුත් ගැසට් එකක් ගහලා!

Published

on

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා,

“දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබේ.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන් ය.

පුවත්

කොළඹ වරායට අභියෝග කරමින් කේරලයේ නව බහු කාර්ය වරායක්

Published

on

By

කේරලයේ විසිංජාම් අන්තර්ජාතික ගැඹුරු ජල බහු කාර්ය වරාය විවෘත කර තිබේ.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ගෞතම් අදානි විසින් මෙම වරාය විවෘත කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

මෙය එරට පළමු ප්‍රතිනැව්ගතකරණය කිරීමේ කේන්ද්‍රස්ථානය ලෙස ඉතිහාසයට එක් වෙයි.

දකුණු ආසියාවේ ප්‍රාථමික ප්‍රතිනැව්ගත කිරීමේ මධ්‍යස්ථානය ලෙස දීර්ඝ කාලයක් කටයුතු කර ඇති කොළඹ වරාය හරහා දැනට යොමු කරනු ලබන භාණ්ඩවලින් සැලකිය යුතු කොටසක් අත්පත් කර ගැනීම සඳහා ඉන්දියාව මෙම වරාය නිර්මාණය කර තිබේ

ඒ අනුව ශ්‍රී ලංකාවේ කොළඹ වරායට මෙමගින් දැඩි බලපෑමක් එල්ල විය හැකි බවට අදහස් පලවී ඇත.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනේ කොළඹ වරායට පමණක් නොව මේ හරහා ඩුබායි වරායටද කිසියම් බලපෑමක් එල්ලවනු ඇති බවය.

රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ සංවර්ධනය කර ඇති මෙම විසිංජාම් වරාය බහාලුම් හැසිරවීමේදී ඉන්දියාව විදේශීය වරායන් මත යැපීම අඩු කරනු ඇති බව සඳහන් වේ.

එමෙන්ම තිරුවානන්පුරම් හි පිහිටා ඇති මෙම වරාය කලාපීය නැව් මාර්ග නැවත සකස් කිරීම මෙන්ම ජාත්‍යන්තර වෙළඳාමේ ඉන්දියාව ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් නිර්මාණය කර තිබේ.

Continue Reading

පුවත්

දේශබන්දුට තර්ජනය කළ දෙදෙනෙකු ගැන විමර්ශන ඇරඹේ (UPDATE)

Published

on

By

තනතුරෙහි රාජකාරී ආවරණ කටයුතු තහනම් කර ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජනයක් පවතින බවට ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව  කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (2) කරුණු වාර්තා කළේය.

ඒ අනුව සිද්ධියට අදාළව බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට එම දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිගෙන් නියෝගයක් ලබාගෙන තිබේ.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ලවිය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඒ මහතාගේ හෝකන්දර පිහිටි නිවසට ගොස් ඔහුට දැනුම් දී තිබුණි.

තෙන්නකෝන් මහතා ඝාතනය කරන ලෙස විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් විසින් සිය සමීපතමයන්ට උපදෙස් ලබාදී ඇතැයි තොරතුරු වාර්තාවී ඇති බවද එම නිලධාරීන් වැඩිදුරටත් එහිදී සඳහන් කර ඇත.


(පෙර පුවත 2025 02 මැයි පෙ.ව.8.12 )

දේශබන්දු පොලීසියෙන් ආරක්ෂාව ඉල්ලයි

ජීවිත තර්ජන පවතින බැවින් තමාට ආරක්ෂාව ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලීමක් කර තිබේ.

වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගෙන් ඊයේ (01) දිනයේ ලිඛිතව අදාළ ඉල්ලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

තමාගේ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත්කර ඇති බැවින් ජීවිතයට තර්ජන පැවතීම හේතුවෙන් සුදුසු ආරක්ෂාවක් ලබාදෙන ලෙස දේශබන්දු තෙන්නකෝන් මහතා පොලීසියෙන් ඉල්ලා ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතාට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව පොලීසිය විසින් ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත අතර ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කළේය.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

පොලිස් අත්අඩංගුවේ සිටි තරුණයෙක් මරුට

Published

on

By

කොස්ගොඩ පොලිස් අත්අඩංගුවේ පසු වූ තරුණයෙක් මිය ගොස් තිබේ.

කොස්ගොඩ පොලිසිය  අත් අඩංගුවට  ගත් තරිදු සිරිවර්ධන ද සොයිසා නමැති  තරුණයකු පොලිස් අත්අඩංගුවේදී රෝගී වී රෝහලට රැගෙන යන අතර තුර මෙසේ මියගොස් ඇත.

 27 හැවිරිදි ඔහු හතරමංහන්දිය ප්‍රදේශයෙ පදිංචි අයෙකි.

මත්ද්‍ර්‍ය සමග ඊයේ (01)අත් අඩංගුවට ගත් මෙම තරුණයා  පොලිස් අත් අඩංගුවේ සිටියදී හදිසියේ අසනීපවී රෝහලට රැගෙන යද්දී  මිය ගිය බව කොස්ගොඩ පොලීසිය කියයි.

එමෙන්ම තරුණයාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන බවද පොලීසිය පවසයි.

මිය ගිය තරුණයාගේ පියා වන නිමල් සිරිවර්ධන ද සොයිස මහතා පවසන්නේ තමාගේ පුතා අත්අඩංගුවට ගත් අවස්ථාවේ කොස්ගොඩ පොලිස් නිලධාරින් සිය පුතුට හොදටම පහරදුන් බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved