Connect with us

පුවත්

වරායේ හිරවුණ වාහන නිදහස් කරගන්න අලුත් ගැසට් එකක් ගහලා!

Published

on

වාහන ආනයනය සඳහා පැවති සීමාවන් කිහිපයක් ඉවත් කරමින් මුදල් අමාත්‍යංශය විසින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් අප්‍රේල් මස 29 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන් ය.

ඒ අනුව ආනයනය කර නිෂ්කාශනය කිරීමට නොහැකිවී වරායේ තිබූ මෝටර් රථ වර්ග කිහිපයක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත.

ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාත් මානගේ මහතා,

“දැනට මාස එකහමාරක් දෙකක් තිස්සේ මේ වාහන අපිට නිෂ්කාශනය කරගැනීමට බැරුව තිබුණා. Hybrid Toyota Raize සහ Hybrid Nissan X-TRAIL රථ අලුත් ගැසට් එක නිසා දැන් නිෂ්කාශනය කරගැනීමේ හැකියාව තිබෙනවා. ඒ වගේ මේ තාක්ෂණය යටතේ එන අනෙකුත් වාහනත් නිෂ්කාශනය කරගැනීමේ අවස්ථාව ලැබී තිබෙනවා.”

මේ අතර ලියාපදිංචි නොකළ නව යතුරුපැදි ආනයනය සඳහා පනවා තිබූ තහනමද ඉවත්කර තිබේ.

ඒ අනුව ආනයන බලපත්‍ර ලබාගෙන නව යතුරුපැදි ආනයනය කිරීමට ආදාළව ගැසට් පත්‍රය ද නිකුත් කර ඇති බව සඳහන් ය.

පුවත්

කටුනායක ගුවන්තොටුපොළේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

Published

on

By

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මේ වනවිට විශේෂ පරික්ෂාවක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා සඳහන් කළේ, කාශ්මිර ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ 06 දෙනෙකු ඉන්දියාවේ චෙන්නායි සිට ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බවට ලද තොරතුරක් එම පරික්ෂාව කරන බවයි.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් යානයකින් ඔවුන් මෙරටට පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සදහන් කළේය.

පොලීසිය , ගුවන් හමුදාව සහ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශ ඒකාබද්ධව එම මෙහෙයුම ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

Continue Reading

පුවත්

රජයට විරුද්ධ කට්ටිය පාතාලය හරහා ඝාතනය කරවනවා

Published

on

By

රජයට විරුද්ධ වන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්නයක් වන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් මේ දිනවල රට තුල දකිය හැකි බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

‘අපි දකිනවා මේ රජයට විරුද්ධ වෙන ජනතා විමුක්ති පෙරමුණට ප්‍රශ්න ප්‍රශ්නයක් විය හැකි යැයි හිතන සියලු දෙනා ඝාතනය කිරීමේ උත්සාහයක් දකිනවා. ඒ විතරක් නෙමෙයි මේ ඝාතන උත්සාහය මේ ඝාතන සිදුකර ගැනීම සඳහා අපිට පෙනී යන හැටියට නම් පාතාලයේ උදවු ලබා ගන්නව කියන එක නම් පෙනී යමින් පවතිනවා.

ඉතින් මේ තත්ත්වය රටක් හැටියට ඉතාම භයානක ඉතාම දරුණු තත්ත්වයක්.”

Continue Reading

පුවත්

චරිත් වෙනුවෙන් සහාය දෙන බව නීතිඥවරුන් කියයි

Published

on

By

සබරගමුව සරසවි සිසුවාගේ මරණය සම්බන්ධයෙන් අගතියට පත් පාර්ශ්වය පොලීසියට ලබාදුන් ප්‍රකාශ අනුව ඉදිරියේදී නීතිමය කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදෙන බව ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් පවසයි.

අද (03) මාධ්‍ය වෙත අදහස් දක්වමින් නීතිඥවරුන් පැවසුවේ, මියගිය සිසුවාට සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් සාධාරණය ඉටුවනු ඇතැයි අපේක්ෂා කරන බවය.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ශාන් නමැති සිසුවා පසුගිය 29 වනදා සියදිවි නසාගෙන තිබුණි.

මානසික පීඩනය හේතුවෙන් තමන් දිවිනසා ගන්නා බවට ඔහු සිය අත්අකුරින් ලිපියක් ලියා තිබුණද ඔහුගේ ඥාතීන් හා මිතුරන් චෝදනා කළේ විශ්වවිද්‍යාලයේ ඇති නවකවධය දරාගත නොහැකිව චරිත් දිවි නසාගෙන ඇති බවටය.

සිද්ධිය පිළිබඳ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (02) නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මේ පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් පැවැත්වීමට පරීක්ෂණ මණ්ඩලයක් පත්කර ඇති බවත් එහි වාර්තාව ලැබුණු වහාම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පියවර ගන්නා බවය.  

චරිත් සමග නවකවධයට ලක්වූ බව කියන සිසුන් 16 දෙනෙකුගෙන් සමනලවැව පොලීසිය ඊයේ ප්‍රකාශ ද සටහන් කරගත්තේ මෙවන් පසුබිමකය.

එම සිසුන් වෙනුවෙන් සහ අගතියටපත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතිඥ රචික පළිහවඩන සහ නීතිඥ කල්හාර විජේසිංහ යන නීතීඥවරුන් ඉදිරිපත් වී සිටී.

සබැඳි පුවත්:

සබරගමුව සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් (UPDATE)

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved