Connect with us

පුවත්

වරෙන්තු පිට සිටින මන්ත්‍රී සබ්රි ප්‍රසිද්ධ උත්සවයක විශේෂ අමුත්තා වෙලා

Published

on

කල්පිටිය සංචාරක මහෙස්ත්‍රාත් අධිකරනයේ දී විවෘත වරෙන්තු නිකුත් කර සිටින පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ති අලි සබ්‍රි රහීම් මහතා ඊයේ (16 ) දින කල්පිටිය අල් අක්ෂා ජාතික පාසලේ පැවැති උත්සවයක් සදහා සම්භාවනීය විශේෂ අමුත්තා ලෙස සහභාගී සිටි බැව් ජනතාව පවසති.

කල්පිටිය නගරය තුළ විශේෂ ගරු බුහුමන් සහ පොලිස් අචාර මැද මන්ත්‍රීවරයා උත්සව භූමිය කරා කැටුව යනු දැකිය හැකිවූ බවද මාධ්‍ය වාර්තා කර තිබේ.

කල්පිටියේ රාජ්‍ය නොවන සංවිධානයක් විසින් පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරනයේ  පවරණ ලද නඩුවක් විගායට ගත් තෙවරකදීම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා විසින් අධිකරණය මගහැර සිටියේ ය.

අධිකරණය  මගහැර සිටීම, නීතිඥවරෙයකු හෝ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී නොසිටීම ආදී කරුණු පදනම් කර ගනිමින්  අතිරේක දිසා විනිසුරුවරිය හා මහෙස්ත්‍රාත් අයෝනා විමලරත්න මහත්මිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වහාම අත් අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලෙසට කල්පිටිය පොලිසියට නියෝග කර ලදි.

මන්ත්‍රීවරයා මෙසේ විවෘත වරෙන්තු සහිතව ප්‍රසිද්දීයේ හැසිරීම සම්බන්ධයෙන් කල්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සිරි ලාල් එදිරිසිංහ මහතාගෙන් මාධ්‍ය කළ විමසීමකදී ඒ මහතා පවසා ඇත්තේ, මෙතෙක් මන්ත්‍රීවරයා අධිකරනයට ඉදිරිපත් වී නොමැති බවත්, ඉක්මනින්ම ඉදිරිපත්වනු ඇතැයි තමන් විශ්වාස කරන බවත්ය.

මෙම උළෙලට වයඹ පළාත් ආණ්ඩුකාර අහමඩ් නසීර මහතා ද සහභාගීවී සිටි බව පැවසේ.

මූලාශ්‍රය හා ඡායාරූපය – ලංකාදීප

පුවත්

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩා වැටෙයි

Published

on

By

බොරැල්ල කනත්ත වටරවුම ආසන්නයේ ගසක් කඩාවැටීමෙන් රථවාහන තදබදයක් ඇතිවී තිබේ.

පොලීසිය සඳහන් කළේ වාහන කිහිපයකට හානි සිදුව ඇති බවය.

මේ වනවිටත් ගස ඉවත්කිරීමේ කටයුතු සිදුකරන අතර ඇතිවී ඇති මාර්ග තදබදය හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය රියැදුරන්ගෙන් ඉල්ලා සිටී.

Continue Reading

පුවත්

තැපැල් ඡන්ද හිමියන්ට මැතිවරණ කොමිසමෙන් දැනුම්දීමක්

Published

on

By

තැපැල් ඡන්ද හිමියන්ට සිය ඡන්දය ප්‍රකාශ කරන ස්ථානය හා සහතික කිරීමේ නිලධාරියා හඳුනා ගැනීම සඳහා ‘e’ සේවාවක් ක්‍රියාත්මක බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

එම කොමිෂන් සභාව පැවසුවේ මැතිවරණය සඳහා ඉදිරිපත්ව ඇති අපේක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ කණ්ඩායම් සහ පක්ෂ මෙන්ම සලකුණ හඳුනා ගැනීම සඳහා ද මෙමගින් පහසුකම් සලසා ඇති බවය.

eservices.elections.gov.lk යන යොමුව මඟින් මැතිවරණ ‘e’ සේවාව වෙත පිවිස එහි රාජ්‍ය නිලධාරීන් සඳහා වන තැපැල් ඡන්ද තොරතුරු සඳහා වන යොමුව වෙත පිවිස තොරතුරු ලබා ගැනීමේ හැකියාව පවතී.

Continue Reading

පුවත්

අද ගිගුරුම් සහිත වැසි

Published

on

By

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (23) ප.ව. 1.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, නැගෙනහිර සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවය.

බස්නාහිර පළාතෙත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් උදෑසන කාලයේදී ද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved