පුවත්

“වලව්වේ පුංචි නෝනා නඩු දාපු නිසා සභාපති ධූරයෙන් ඉවත් වුනා”

Published

on

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් හේතුවෙන් බව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කළේ, ගාල්ල – කරන්දෙනිය ප්‍රදේශයේ අද (17) පැවති රැස්වීමක් අමතමිනි.

තමන් ඉවත් නොවී අඛණ්ඩවම රැදී සිටියහොත් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි වන බවත්, ඒ අනුව තමා ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා එම තීරණය ගත් බවත් ඔහු සඳහන් කලේය.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ, තමාගෙන් පසු එම සභාපති ධුරයට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ, ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු නොසිටිම හේතුවෙන් බවය.

Trending

Exit mobile version