පුවත්

වව්නියාවට සුළු භූකම්පනයක්

Published

on

ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ වව්නියාව ප්‍රදේශයේ සුළු භූකම්පන තත්ත්වයක් ඇතිව ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කියයි.

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බවද පැවසේ.

රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය කියා සිටී.

එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවය.

Trending

Exit mobile version