අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) කැඳවුම්කරු වසන්ත මුදලිගේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජනවාරි 31 දක්වා යලි රිමාන්ඩ් කර තිබේ.
ඔහුගේ ඇප අයැදුම පිළිබඳ තීන්දුව ජනවාරි 31 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා පැවසීය.
මේ අතර, දළදා වහන්සේට අපහසාත්මක ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා මත අත්අඩංගුවට ගැනුනු සේපාල් අමරසිංහ ලබන 31දා දක්වා රිමාන්ඩ් කර තිබේ.