ලෝක මැලේරියා දිනය (World Malaria Day) අදට (25) යෙදී තිබේ.
මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සංහතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක් ලෙස සැළකේ.
ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212කට අධික ප්‍රමාණයක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබේ.
මැලේරියාව යනු වාහකයෙක් මගින් බෝවන ආසාදිත රෝගයක් වන අතර එය ඇති කරනු ලබන්නේ ප්‍රොටෝසෝවාවකු (ඒක සෛලික ජීවියෙක්) වූ පරපොෂිතයෙකුගෙනි. එනම් ප්ලැස්මෝඩියම් ගණයට අයත් ඒක සෛලික පරපෝෂිතයෙකි.
මිනිසුන් හට ආසාදන ඇති කළ හැක්කේ මෙම ප්ලැස්මෝඩියම් වර්ගයට අයත් පරපෝෂිතයන් 4 දෙනෙකුගෙන් පමණි. වඩාත් දරුණු මැලේරියා රෝග තත්වයන් ඇති කරනු ලබන්නේ ප්ලැස්මෝඩියම් ෆල්සිපාරුම් හා ප්ලැස්මෝඩියම් වයිවැක්ස් නම් පරපෝෂිතයන්ගෙනි.
නමුත් අනෙකුත් වර්ග දෙක වන ප්ලැස්මෝඩියම් ඕවාලේ සහ ප්ලැස්මෝඩියම් මලාරියේ යන පරපෝෂිතයින්ට ද මිනිසුන් හට ආසාදන ඇති කිරීමේ හැකියාව ඇත.
මෙම මිනිසුන් සදහා රෝග ඇති කරන ප්ලැස්මෝඩියම් විශේෂවලට මැලේරියා පරපෝෂිතයින් ලෙස සාමාන්‍ය ව්‍යවහාරයේදී හඳුන්වනු ලබයි.
මැලේරියා පරපෝෂිතයින් පරිවහණය කරනු ලබන්නේ ගැහැණු ඇනෝපිලස් මදුරුවකු මගින්.
මෙම පරපෝෂිතයින් මිනිසාගේ රුධිරයෙහි වූ රක්තානුවල ගුණනය වීමෙන් රෝග ලක්ෂණ ඇති කරනු ලබයි.
මැලේරියා රෝග ලක්ෂණ අතර උණ , සෙම්ප්‍රතිශ්‍යාව , ඇඟපත රුදාව , දහඩිය දැමීම සහ දරුණු තත්ත්වයන් යටතේ වලිප්පුව සහ සිහිය විකල් වීම මෙන්ම හුස්ම ගැනීමේ අපහසුතා පවා ඇති විය හැකියි.” මැලේරියාව එපා කියන්න ” මෙවර මේ වසරේ ලෝක මැලේරියා දින තේමාවයි.
ලෝක මැලේරියා දිනය නිමිති කොට ගෙන අද (25) දින පා ගමනක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිටින් ආරම්භ වන පා ගමන විහාර මහාදේවි උද්‍යානයෙන් අවසන් වන අතර, විහාර මහාදේවි උද්‍යානයේ බෑන් පිට්ටනියේ අමාත්‍යාංශ ප්‍රධානීන්ගේ කෙටි කරුණු දැක්වීමකින් අවසන් වෙයි. මෙහිදී මැලේරියා මර්දන ව්‍යාපාරයේ වීදි නාට්‍ය කණ්ඩායමේ අංගයක් ද ඉදිරිපත් කෙරෙනු ඇත.
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 2016 වසරේදී ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තොර රටක් යන සහතිකය ලබා දී තිබේ
යම් පුද්ගලයෙක් මැලේරියාව ආවේණික රටකට ගමන් කරන්නේ නම් පිටත්ව යාමට පෙර මැලේරියාව වැළැක්වීමේ ඖෂධ ලබා ගැනීම ඉතා වැදගත් වන අතර නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්දන ව්‍යාපාර මූලස්ථානයෙන් සහ සෑම දිස්ත්‍රික්කයකම දේශීය මැලේරියා පාලන කාර්යාලවලින් නොමිලේ මෙම ඖෂධ ලබා ගත හැකිය.
මේ සම්බන්ධයෙන් වැඩිදුර විස්තර නාරාහේන්පිට පිහිටි මැලේරියා මර්දන ව්‍යාපාරයේ 071 2841767 දුරකතන අංකයෙන් හෝ [email protected] විද්‍යුත් ලිපිනයෙන් හෝ www.malariacampaign.gov.lk වෙබ් අඩවියෙන් දැන ගත හැකිය..