පුවත්

වසරේ ගතවූ කාලය තුළ වෙඩි තැබීම්වලින් 60 ක් මරුට

Published

on

වසරේ ගතවූ කාලය තුල සිදුවූ වෙඩි තැබීම්වලින් පුද්ගලයින් 60 දෙනෙකු මියගොස් තිබෙන බවට වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ඒකකය පැවසුවේ, පුද්ගලයින් 44 දනෙකු තුවාල ලබා ඇත බවය.

මේ වසරේ ගතවූ කාලය තුළ වාර්තාවී ඇති වෙඩි තැබීමේ සිද්ධීන් ගණන 98 කි.

ආසන්නතම සිදුවීම වාර්තා වුණේ, ඊයේ (20) ගාල්ල දඩල්ල ප්‍රදේශයෙන් ය.

ගාල්ල දඩල්ල ප්‍රදේශයේ වෙඩි තැබීමකින් 38 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් 34 හැවිරිදි ඔහුගේ බිරිඳ තුවාල ලැබීය.

මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මේ අතර එළැඹෙන උත්සව සමයේ ආරක්ෂක රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් 40,000කට අධික සංඛ්‍යාවක් යෙදවීමට කටයුතු කරන බව පොලිසිය සඳහන් කලේය.

Trending

Exit mobile version