වසර 28කට පසුව විදුලි සංදේශ නියාමන පනත සංශෝධනය කිරීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පත අද දින (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.
තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (09) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
මීට පෙර මුහුද යටින් අදින රැහැන් සඳහා නීති නොපැවතුන බවත්, ඒ සඳහා නීති ඉදිරිපත් කිරීමට මේ වන විට හැකියාව ලැබී තිබෙන බවත් ඔහු පැවසීය.
එසේම ජාතික සයිබර් ආරක්ෂණ පනත මැයි මාසයේදී කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
SLCERT ආයතනය සමඟ එක්ව රාජ්‍ය ආයතන 29ක් සමඟ සයිබර් ආරක්‍ෂාව ඉහළ නැංවීම සඳහා කටයුතු කර ඇති බවත්, ඒ වෙනුවෙන් ව්‍යාපෘති 5ක් ක්‍රියාත්මක කර තිබෙන බවත් හේරත් මහතා මෙහිදී පෙන්වා දුන්නේය.