Connect with us

පුවත්

වසර 4කදී ජීවන වියදම දෙගුණයක් වෙයි

Published

on

මෙරට පුද්ගලයින්ගේ ජීවන වියදම 2021 වසරට සාපේක්ෂව පසුගිය වසර වන විට දෙගුණයකින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

කෙසේවෙතත් 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ ජීවන වියදම ඉහළ ගොස් ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකින් බව මහ බැංකුවේ සහකාර අධිපති ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා සඳහන් කළේය.

පසුගිය වසරවලට සාපේක්ෂව උද්ධමනය පහළ යෑමේ වාසිය වර්තමානයේ ජනතාවට හිමිවුවද 2021 වසරට සාපේක්ෂව සැසදීමේදී රටේ ජනතාවගේ ජීවන බර ඉහළ අගයක් ගන්නා බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ඊයේ (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය චන්ද්‍රනාත් අමරසේකර මහතා පැවසීය.

“පොෟද්ගලික ආදායම් දිහා බැලුවත් අපිට පේනවා වැඩි වෙච්ච මිල මට්ටම් හින්දා ඒ වගේම වැඩි වෙච්ච ජීවන වියදම නිසා අසීරු තත්ත්වයක පවතින්නේ. උදාහරණයක් ලෙස බැලුවොත් 2021ත් එක්ක 2024 වසර බැලුවොත් ජීවන වියදම දෙගුණයක් වෙලා.”

“උද්ධමනය අඩුවීමේ වාසිය දැනට මහජනතාවට ලැබෙනවා. නමුත් 2021ත් සමග සැසඳුවාම අපිට පේනවා ජීවන වියදම මහජනතාවට දැනෙන මට්ටමමක තිබෙනවා කියලා. රාජ්‍ය සේවකයන්ගේ වෙන්න පුළුවන්, පෞද්ගලික සේවකයන්ගේ වෙන්න පුළුවන්, ව්‍යාපාරවල ආදායම වෙන්න පුළුවන් ඒ ආදායම වැඩි වෙන්න ඒ වගේ ආර්ථික වර්ධනයක් පවතින්න ඕනේ.”

“අපි හිතනවා ඒ වගේ ආර්ථිකයක් ඉදිරියේදී පවතීවි. ක්‍රමක්‍රමයෙන් මහජනතාවට නැතිවූ මූර්ත ආදායම නැවත ඇතිවෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”

“සමහර වෙලාවට අපි දකිනවා රාජ්‍ය සේවයේ විශේෂයෙන් කලින් කලට වැටුප් වර්ධක දෙනවා. නමුත් ඒවා ඵලදායිතාව බලලා දෙන වැටුප් වර්ධක නෙමෙයි. ඒ නිසා මං හිතන්නේ අපි ආර්ථික විද්‍යාඥයින් ලෙස දකින දෙයක් තමයි වැටුප් වැඩි වෙනකොට ඒවා ඵලදායිතාවට සම්බන්ධ කරලා කරන්න ඕනේ.”

පුවත්

72 වන ලෝක රූ රැජින කිරුළ තායිලන්තයට

Published

on

By

අද (මැයි 31) ඉන්දියාවේ හයිද්‍රාබාද් හි පැවති 72 වන ලෝක රූ රැජින තරඟයෙන් ජයගැනීමට තායිලන්තයේ ඕපාල් සුචාතා මෙනවිය සමත් විය. 

දෙවැනි ස්ථානය ඉතියෝපියාවට ද තෙවැනි ස්ථානය පෝලන්තයට ද හිමිවිය. සිවුවැනි ස්ථානය හිමිවූයේ මාටිනික් වෙතටයි.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී විශිෂ්ට දස්කම් දැක්වූ ශ්‍රී ලංකාවේ අනුදි ගුණසේකර, තරගාවලියේ අවසන් 40දෙනා අයත් වන අර්ධ අවසන් වටයට සුදුසුකම් ලැබීමට නොහැකි විය.

Continue Reading

පුවත්

ආසියාවේ පැතිර යන නව කොවිඩ් ප්‍රභේදය ලංකාවේත්

Published

on

By

ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසයි.

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා සදහන් කළේ ඔමික්‍රෝන් වෛරසයට අදාල අනු ප්‍රභේදයන් වන එල් එෆ් පොයින්ට් සෙවන් සහ එක්ස් එෆ් ජී යන අනු ප්‍රභේදය ආසාදිත රෝගීන් මෙරටින් වාර්තා වන බවය.

දිවයිනේ රෝහල් කිහිපයකින් ලබාගත් ජෛව සාම්පල වෛද්‍ය පර්යේෂණ ආයතනයට ලබාගෙන සිදු කළ පර්යේෂණ වලින් මේ බව තහවුරු වී ඇති බව විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය.

කෙසේ වෙතත් මෙම කොවිඩ් අනු ප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නොමැති බවද ඔහු අවධාරණය කළේය.

අවදානමට ලක්විය හැකි කාණ්ඩ ලෙස හදුනාගෙන ඇති ගර්භණී මව්වරුන්, වැඩිහිටියන් හා නිදන්ගත රෝගීන් මුඛ ආවරණ පැලඳීම, ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථානවල රැඳී නොසිටීම යනාදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම වැදගත් බවද සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබේ.

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේද විටින් විට පැතිර යන අතර මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ නිරන්තර අවධානයෙන් පසුවන බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර නොගත යුතු බවද විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා සදහන් කළේය.

මේ අතර ගාල්ල ජාතික රෝහලේ දී පසුගියදා මියගිය මාස එකහමාරක් වයසැති බිලිඳෙකුටද කොවිඩි ආසාදනය වි ඇති බවටද හඳුනාගෙන තිබේ.

අද දෙරණ සිදුකළ විමසීමකදී රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසුවේ අදාළ බිලිදාගේ ජෛව සාම්පල පරික්ෂාවකට කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකිරිමෙන් අනතුරුව ඒ බව තහවුරු වි ඇති බවය.

කෙසේ වෙතත් එම වෛරසය ආසියාවේ මේ දිනවල පැතිරයමින් පවතින නව ප්‍රභේදය බවට හඳුනාගෙන නොමැති බවද ඔහු සදහන් කළේය.

(අදදෙරණ)

Continue Reading

පුවත්

අනුදි, අවසන් 40න් හැලෙයි

Published

on

By

2025 ලෝක රූ රැජින තරගාවලියේ අවසන් තරගකාරියන් 40 දෙනා අතරට එක්වීමට ශ්‍රී ලංකා නියෝජනය කළ සුරූපිනිය අනුදි ගුණසේකරට නොහැකි විය.

මෙම තරගාවලියේ Multimedia සහ Head-to-Head ඉසව්වලදී ශ්‍රී ලංකාවට අභිමානයක් අත් කර දෙමින් අනුදි දස්කම් දැක්වූවාය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved