Connect with us

පුවත්

වසා දැමුණු තුල්හිරිය සහ පූගොඩ පෙහෙකම්හල් සේවකයින්ට වන්දි

Published

on

1978 වසරේදී දේශපාලන හේතු මත වසා දැමුණු ජාතික පේෂකර්ම සංස්ථාවට අයත්ව තිබූ තුල්හිරිය සහ පූගොඩ පේෂකර්මාන්ත ශාලාවල සේවය අහිමි වූ සේවකයින්ට වන්දි ලබා දීම අද (30) සිදු කෙරිණි.

ඒ කම්කරු අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.

රැකියා අහිමි වූ සේවකයින් 1,717 දෙනෙකු මෙහිදී ප්‍රතිලාභ හිමිවන අතර ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 87කි.

අවසන් බේරුම්කිරීමක් ලෙස මෙම වන්දි ප්‍රදානය කිරීමට කම්කරු අමාත්‍යංශය පසුගියදා තීරණය කළ අතර මීට කැබිනට් අනුමැතියද හිමිව තිබුණි.

එහිදී ප්‍රතිලාභීන්ගෙන් යම් පිරිසක් මේ වන විට මියගොස් ඇති බැවින් ඒ අනුව ඔවුන්ගේ කලත්‍රයින්ට අදාළ වන්දි මුදල් හිමිවනු ඇත.

වන්දි ප්‍රදානය වෙනුවෙන් අද පැවැති සංකේතාත්මක වැඩසටහනට ප්‍රතිලාභීන් තිස් දෙනෙකු සහභාගී කෙරුණු අතර සෙසු ප්‍රතිලාභ හිමි සේවකයින්ට දිස්ත්‍රික්ක කම්කරු කාර්යාලය හරහා සිය වන්දි මුදල ලබා ගත හැකි බවද කම්කරු අමාත්‍යංශය සඳහන් කළේය.

(අරුණ)

පුවත්

හිටපු ඇමති ඩලස්ගේ WhatsApp හැක් වේ

Published

on

By

හිටපු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ වට්ස්ඇප් ගිණුම අනවසර පුද්ගලයින් විසින් හැක් කර ගෙන ඇති බව වාර්තා වේ.

හිටපු අමාත්‍යවරයා ද සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් සිය වට්ස් ඇප් අංකයෙන් ලැබෙන පණිවුඩ සඳහා ප්‍රතිචාර නොදක්වන ලෙස ඉල්ලීමක් සිදුකර තිබේ.

මෙම ගිණුම භාවිතා කරමින් වංචනික පණිවිඩ හරහා මුදල් ඉල්ලීම් සිදුවෙමින් පවතී. පැතිරෙන පණිවිඩයේ අන්තර්ගතය මෙසේය:

“මම මිතුරෙකුට මුදල් යැවීමට උත්සාහ කළනවා, නමුත් එය යැවිය නොහැකියි. මගේ විස්තරවල ගැටලුවක් ඇති බව පෙනෙනවා. ඔබට හැකි නම්, එම පුද්ගලයාගේ විස්තරවලට රු.100,000ක් යැවීමට උපකාර කරන්න. මම හෙට උදේම එම මුදල ආපසු ගෙවනවා.”

හිටපු අමාත්‍යවරයා විසින් එක්කරන ලද සටහන

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි ( සජීවී විකාශය )

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය,

Continue Reading

පුවත්

බෝකුන්දර ලී අලෙවි සැලක ගින්නක්

Published

on

By

පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ පිළියන්ල මාර්ගයේ බෝකුන්දර ප්‍රදේශයේ පිහිටි ලී අලෙවි සැලක මෙම ගින්න හට ගෙන ඇති බව සඳහන්ය.

ගින්න නිවීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනිනිවන රථ ‍4ක් පිටත් කර ඇති බව එහි ගිනි නිවීමේ ඒකකය පවසයි.

එම ඒකකය තවදුරටත් පවසන්නේ කොළඹ ගිනි නිවීමේ ඒකකයේ සහායද ගින්න නිවීම සඳහා ලබා ගැනීමට පියවර ගෙන ඇති බවය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved