Connect with us

පුවත්

වහල පියැසි සෝලා ගෙවීම් අඩු කිරීමට කැබිනට්ටුවට යෝජනාවක්!

Published

on

වහල පියැසි මත සවිකරන සෝලා පැනල සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මුදල සංශෝධනය කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.

විදුලි බල මණ්ඩලයේ නිර්දේශවලට අනුව අදාළ සංශෝධනයන් සිදුකිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති බව බලශක්ති අමාත්‍යංශය ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ඒ අනුව ඉදිරියේ දී පියැසි මත සවිකරනු ලබන සෝලා සඳහා විදුලි ඒකකයකට ගෙවනු ලබන මිල ගණන් සංශෝධනය කර ඇති අතර උත්පාදනය කරනු ලබන විදුලි ඒකක ප්‍රමාණයට අනුව එම මිල ගණන් වෙනස් කිරීමට යෝජනා කර තිබේ.

මේ වන විට විදුලි ඒකකයක් සඳහා රුපියල් 27ක මුදලක් ගෙවනු ලබන අතර නව සංශෝධනයත් සමග එය රුපියල් 19 දක්වා අඩු කිරීමට නියමිතය.

කිලෝවොට් 20ට අඩු උත්පාදනය කරන සෝලා පද්ධති සඳහා ඒකකයකට රුපියල් 19ක ගෙවීමක් සිදුකරන අතර කිලෝවොට් 20ත් 100ත් අතර විදුලි උත්පාදන පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 17ක මුදලක් ද කිලෝවොට් 100ත් 500ත් අතර පද්ධතියක් සඳහා ඒකකයකට රුපියල් 15ක මුදලක් ද ගෙවීමට යෝජනා කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් මෙම මිල සංශෝධනයන් දැනට ස්ථාපිත කර ඇති සෝලා පද්ධති සඳහා අදාළ නොවන අතර නව සෝලා පද්ධති ස්ථාපිත කිරීමේ දී පමණක් මෙම සංශෝධනයන් සිදුකිරීමට නියමිතව තිබේ.

සබැඳි පුවත්

පුවත්

ණය බර තවත් ඉහල ගිහින්

Published

on

By

ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර 2023 වසරට සාපේක්ෂව 2024 දී ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දී තිබේ.

 2023 වසරේදී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 කි.

එහෙත් 2024 දී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් තිබේ.

මෙලෙස විදේශ ණය බර ඉහළ ගොස් ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවද මහ බැංකුව වැඩිදුරටත් පවසයි.

මූලාශ්‍රය – දේශය

Continue Reading

පුවත්

වනජීවී අභ්‍යාසලාභීන්  3451කට ස්ථිර පත්වීම්

Published

on

By

වනජීවි දෙපාර්තමේන්තුවේ මේ වන විට සේවය කරන අභ්‍යාසලාභීන් 3451කට ස්ථීර පත්වීම් ලබාදී තිබේ . 

 ඔවුන්ව බහුකාර්ය සංවර්ධන පුහුණු අභ්‍යාසලාභීන් ලක්ෂයක් බඳවා ගැනීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බඳවා ගෙන ඇත.

මීට අදාළව සංකේතාත්මකව ස්ථීර පත්වීම්ලාභීන් 50දෙනෙක්ට ඊයේ (13) පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි අතින් පත්වීම් ලබා දීම සිදුවිය.

එම අවස්ථාවේදී ඔහු කියා සිටියේ අලි මිනිස් ගැටුම අවම කර ගැනීම සදහා පත්වීම් ලබන්නන්ගෙන් ඉහළ දායකත්වයක් අපේක්ෂා කරන බවය. 

මේ වන විට දිවයින පුරා විදුලි වැට 437ක් ඉදිකර ඇති අතර එය කිලෝමීටර 5644ක් පුරා විහිදී පවති. 

එමෙන්ම විදුලිවැට බලගැන්වීමේ කුටි 647ක් ද ක්‍රියාත්මක වන බව වාර්තා වේ.

Continue Reading

පුවත්

පොලිස් ස්ථානවලට ප්‍රහාර එල්ලකරන බවට ඇමතුමක්

Published

on

By

උතුරේ පොලිස් ස්ථාන 10කට පමණ ප්‍රහාරයක් එල්ලකරන බවට කන්කසන්තුරේ පොලිස් ස්ථානයට නිර්ණාමික දුරකථන ඇමතුමක් ලැබී තිබේ.

අදාළ ඇමතුම පසුගිය ජූනි 11වනදා දහවල් 1.15ත් 1.20 අතර කාලය තුළ ලැබී ඇති බව සඳහන්ය.

 මේ වනවිට මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ තිබේ.

කෙසේ වෙතත් උතුරේ පොලිස් ස්ථානවල ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දක්වන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසා සිටියේය.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved