පුවත්

වළදමා තිබූ කාන්තා මළ සිරුරක හිස කපාගෙන ගිහින්!

Published

on

තලකිරියාගම තෙන්නකෝන්පුර පොදු සුසාන භූමියේ භූමිදානය කරතිබූ අසූ හැවිරිදි කාන්තාවගේ මෘත දේහය වළ දමා තිබූ ස්ථානය කිසියම් පිරිසක් හාරා එම සිරුරේ හිස කොටස කපා වෙන්කර ගෙන රැගෙන ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය පවසයි.

තෙන්නකෝන්පුර ප්‍රදේශයේ පදිංචිව සිටි අසූ හැවිරිදි මෙම කාන්තාව මියගොස් තිබූ අතර පසුගිය අගෝස්තු මාසයේ 08 වැනිදා එම සිරුර භූමදානය කර ඇති බව වාර්තා වේ.

මෙම පොදු සුසාන භූමිය අසලින් ගමන් ගත් පුද්ගලයෙකු මේ බව දැක ඇතැයි පොලිසිය පවසයි.

මෙය දුටු එම පුද්ගලයා මේ බව මරණ මරණකාරියගේ දියණියට දැනුම් දී ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි

මරණකාරිගේ දියණිය මේ බව ගලේවෙල පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පොලිස් කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත

මළ සිරුරේ හිස කපා වෙන්කර ගෙන රැගෙන ගිය අය පිළිබඳව මෙතෙක් කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කිරීමක් සිදුකිරීමට යොදාගැනීමටමෙම හිස රැගෙන යන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

Trending

Exit mobile version