පුවත්

ව්‍යාජ දළදා මාලිගාවක් ගැන ජනපතිට ලිපියක්

Published

on

දෙස් විදෙස් බෞද්ධ බැතිමතුන් රවටමින් මිල මුදල් ඇතුළු වටිනා දෑ එකතු කරමින් කුරුණෑගල වදාකඩ පාරේ පොතුහැර ප්‍රදේශයේ ව්‍යාජ දළදා මාලිගාවක් ගොඩනැගීම හා ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අපහාස වන අයුරින් ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියක් යොමුකර තිබේ.

විධිමත් පරීක්ෂණයක් පවත්වා මේ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගන්නා මෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයන්හි මහනාහිමිවරුන් සහ ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ අත්සනින් යුත් මෙම ලිපියේ දැක්වේ.

කුරුණෑගල වදාකඩ පාර පොතුහැර යන ස්ථානයේ ජනක සේනාධිපති නැමැත්තෙකු විසින් ව්‍යාජ දළදා මාලිගාවක් නිර්මාණය කොට ඉදි කරමින් පවතින බවත්, බෞද්ධ ජනතාවගේ සිත් පෑරෙන ආකාරයෙන් සේපාල් අමරසිංහ නැමැත්තකු බුදු දහමට හා ශ්‍රී දළදා මාළිගාවට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර ඇති බවක් දක්නට ලැබෙන බවත් එහි වැඩිදුරටත් දැක්වේ.

Trending

Exit mobile version