පුවත්

ව්‍යාජ මුදල් මුද්‍රණය කළ පුද්ගලයෙක් අත් අඩංගුවට

Published

on

ව්‍යාජ ලෙස මුදල් නෝට්ටු මුද්‍රණය කළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අත් අඩංගුවට පත්ව ඇත්තේ ගාල්ල, අහංගම පොලිස් වසමේ ඉමදුව පාර ප්‍රදේශයේදී ය.

පොලීසිය පවසන්නේ, ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්‌යාංශයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වැටලීමකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 47ක් වන ඉමදුව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු සතුව තිබී ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය සඳහා යොදාගත් ලැප්ටොප් පරිගණකයක්, මුද්‍රණ යන්ත්‍රයක්, නෝට්ටු මුද්‍රණය කරන ලද කඩදාසි තොගයක් පොලිස් භාරයට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් අහංගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Trending

Exit mobile version