පුවත්

ව්‍යාජ ලියකියවිලිවලින් පාස්පෝට් හදපු ලාංකික පිරිසක් ඉන්දියාවේ දී අත්අඩංගුවට

Published

on

ව්‍යාජ ලියකියවිලි මගින් විදේශිකයින්ට සහ අපරාධකරුවන්ට විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක නිරත වූ ශ්‍රී ලාංකිකයින් ඇතුළු පුද්ගලයින් නව දෙනෙකු ඉන්දියාවේ බැංග්ලෝර්හීදි අත්අඩංගුවට ගෙන තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර ශ්‍රී ලාංකිකයින් පස් දෙනෙකු ද සිටින බවය.

බැංග්ලෝර්හි බසවනගුඩි පොලිසියට ලැබුණු තොරතුවලට අනුව සිදුකළ මෙහෙයුමකින් පසුව මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

ඔවුන් වසර ගණනාවක සිට විවිධ පුද්ගලයින්ට ව්‍යාජ ලියකියවිලි යොදාගනිමින් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර දී ඇති බව සිදුකළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ඉන්දීය ජාතිකයින් ලෙස ව්‍යාජ හැඳුනුම්පත් යොදාගෙන පුද්ගලයින් පනස් දෙනෙකුට පමණ මේ ආකාරයෙන් විදෙස් ගමන් බලපත්‍ර සකස් කර ප්‍රංශය වැනි රටවලට පිටත්කර හැර ඇති බව සඳහන්ය.

එලෙස විදෙස් ගත වී ඇති පුද්ගලයින් රැසක් මීනිමැරුම් කොල්ලකෑම්, කප්පම් ගැනීම් වැනි අපරාධවලට සම්බන්ධ පුද්ගලයින් බවට ද ඉන්දීය පොලිසිය විසින් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

Trending

Exit mobile version