පුවත්

ව්‍යාපාරික තාඹුගල‍ගේ ගිනුමට අතිවිශාල මුදලක් ඇවිත්!

Published

on

ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාගේ බැංකු ගිණුමට 2018 වසරේ සිට 2022 දක්වා කාලය තුළ රුපියල් මිලියන 4,757ක් බැර වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද (10) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටි‍යේය.

ඔහු මේබව කියා සිටියේ, සැකකරු සම්බන්ධයෙන් සිදුකරන නීතිවිරෝධී වත්කම් විමර්ශනයක් පිළිබඳ කරුණු දක්වමිනි. 

පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන එය වංචා කිරීම සම්බන්ධයෙන් ව්‍යාපාරික විරංජිත් තාඹුගල මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය ඉදිරියේ යළි කැඳවනු ලැබීය.

Trending

Exit mobile version