Connect with us

පුවත්

“ව්‍යාපාර ලක්ෂ 3ක් වහලා: තව සියයට 20ක් වැහෙන්න ළඟයි”

Published

on

මේ වන විට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලින් ලක්ෂ තුනක් පමණ වැසී ඇති අතර තවත් 20% ක පමණ ප්‍රමාණයක් වැසී යාමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ලාංකීය එක්සත් ව්‍යවසායකයන්ගේ සංසදයේ සභාපතිනි ටානියා අබේසුන්දර මහත්මිය කියයි.

මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 52% කට දායකත්වය දක්වන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ය.

පසුගිය කාලයේ දස ලක්ෂයකට අධික කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් පිරිසක් ව්‍යාපාර පවත්වාගෙන ගොස් තිබිණි.

මෙම ව්‍යවසායකයන්ගෙන් වැඩි පිරිසක් බැංකුවල නොපියවූ ණයකරුවන්ගේ නාමලේඛනයට (CRIB) ඇතුළත් කර ඇති හෙයින් බොහෝ පිරිසකට යළි ණයක් ලබාගැනීමට නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇත.

මේ වන විට ආයතන නඩත්තු කිරීම සඳහා ප්‍රමාණවත් ආදායමක් නොමැති හෙයින් එම ආයතන ඉදිරියටත් පවත්වාගෙන යාම සඳහා ව්‍යවසායකයන්ට ණය ලබා දීමට කටයුතු කරන ලෙසටත් 2020න් පසු ලබාගෙන ඇති ණය ගෙවීම සඳහා කල් ලබා දෙන ලෙසටත් එම සංසදය මහ බැංකු අධිපතිවරයාගෙන් ඉල්ලීමක්ද කර තිබේ.

එහෙත් මේ වන තෙක් ඒ සම්බන්ධ ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද ඇය පැවසුවාය.

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේ දිනෙක විවාදයක් පවත්වන බවට ප්‍රකාශ වූ නමුදු මේ වන තෙක් ඒ සම්බන්ධයෙන් කිසිදු විවාදයක් ත‌ොපැවැත්විණි.

වර්තමානයේ රට තුළ පවතින උද්ධමනය පාලනය කර ඇතැයි ප්‍රකාශ කළද සිදුවී ඇත්තේ උද්ධමනය සංකෝචනය වීමක් පමණක් බවත් ටානියා අබේසුන්දර මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

මූලාශ්‍රය ‌- දේශය

පුවත්

මේ සතියේ කැබිනට් තීරණ මෙන්න

Published

on

By

ඊයේ  (21) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ.

එම තීරණ මෙසේය 

Continue Reading

පුවත්

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (22) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-04-22

Posted by Department of Government Information – Sri Lanka on Monday, April 21, 2025

Continue Reading

පුවත්

යල කන්නයේ පොහොර සහනාධාර අද සිට

Published

on

By

යල කන්නයේ පොහොර සහනාධාර අද සහ හෙට මුදා හරින බව ගොවිජන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ දිස්ත්‍රික්ක 09 ක් සඳහා එම මුදල් මුදා හරින බවය.

කුඹුරු හෙක්ටයාර 1ක් සඳහා රුපියල් 25,000 බැගින් හෙක්ටයාර 2කට යටත්ව පොහොර සහනාධාරය ලබාදෙනු ලැබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved