Connect with us

පුවත්

වාණිජමය නොවන ආයතන සමාලෝචනයට රජය සුදානම්

Published

on

රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඊයේ (18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

අත්‍යවශ්‍ය මහජන සේවාවන් සැපයීම, ජාතික ආරක්ෂාව, නීතිය හා සාමය රැකීම, විවිධ නියාමන කටයුතු, භාණ්ඩ හා සේවා සැපයීමට අදාළ වෙළෙඳපොළ කටයුතුවලට මැදිහත්වීම, සම්පත් සාධාරණව බෙදාහැරීම, ආපදා කළමනාකරණය සහ සමාජ සුබසාධනය වැනි ප්‍රධාන කාර්යයක් රජය වෙත පැවරී තිබේ.

එම කාර්යයන් ක්‍රියාත්මක කිරීම් සඳහා ආරක්ෂක අංශ සහ පොලීසිය හැරුණු විට දෙපාර්තමේන්තු 86ක්, දිස්ත්‍රික් ලේකම් කාර්යයල 25ක් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල 339ක්, රජයට අයත් ව්‍යාපාර 340ක් සහ වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115ක් යම් වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ පවත්නා වාණිජමය නොවන රාජ්‍ය ව්‍යවස්ථාපිත ආයතන 115ක් සඳහා සහ රාජ්‍ය ව්‍යපාර දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතට ගැනෙන ආයතන 51ක් සඳහා 2024 වර්ෂය වෙනුවෙන් ජාතික අය වැය මඟින් රුපියල් බිලියන 140ක් පමණ වෙන් කර තිබේ.

වත්මන් අවශ්‍යතාවලට ගැළපෙන අයුරින් එම ආයතන යාවත්කාලීන නොවීම, පැවරී ඇති බලතල ප්‍රමාණවත් නොවීම හෝ නොගැළපීම, එම ආයතන වෙත පැවරී ඇති කාර්යයන් පෞද්ගලික අංශය විසින් වඩාත් කාර්යක්ෂම අයුරින් ඉටුකිරීම සහ එකම හෝ සමාන හෝ කාර්යයන් ඉටු කරනු ලබන ආයතන කිහිපයක් පැවතීම වැනි කරුණු හේතුවෙන් රජයට අයත් වාණිජමය නොවන ආයතන පිළිබඳ සමාලෝචනයක් සිදුකිරීම කාලීන අවශ්‍යතාවක් බවට පත්ව තිබුණි.

ඒ අනුව අදාළ සමාලෝචනය සිදුකර නිර්දේශ සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් නිලධාරී මණ්ඩලයක් පත්කිරීමට එහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

එම කමිටු සමාජිකයින් පහත පරිදි වේ.

අග්‍රාමාත්‍ය ලේකම් – සභාපති
ලේකම් – අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය
ලේකම් – කෘෂිකර්ම හා පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය
ලේකම් – කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය
ලේකම් – වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය
මහා භාණ්ඩාගාර ලේකම් විසින් නම් කරන ලද නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයෙක්
රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් විසින් නම් කළ එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක්
ජාතික අයවැය අධ්‍යක්ෂ ජනරාල්
අධ්‍යක්ෂ ජනරාල් – කළමනාකරණ දෙපාර්තමේන්තුව
අධ්‍යක්ෂ ජනරාල් – රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුව
සභාපති – විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

පුවත්

හර්ෂ ඉලුක්පිටිය වරද පිළිගනී

Published

on

By

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ ක්‍රියාවලියට අදාළව අධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැර හැරීම තුළින් අධිකරණයට අපහාස කළේ යැයි  චෝදනා ලබා සිටින ආගමන සහ විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතා කොන්දේසි විරහිතව වරද පිළිගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබේ.

ඒ අනුව ඔහුට දඬවම් නියම කිරීම මේ මස 24 වනදා සිදු කරන බවත් අධිකරණය නිවේදනය කළේය. 

සබැඳි පුවත්

Continue Reading

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති ‍යළි රිමාන්ඩ් (UPDATE)

Published

on

By

ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා තවදුරටත් ලබන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලී ජයතුංග මහත්මිය මෙම නියෝගය නිකුත් කළාය.

එදිනට පෙර විමර්ශන කටයුතු අවසන් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියම කළාය.


(පෙර පුවත 2025 ජුලි 01 පෙ.ව.11.30 )

ශ්‍රීලංකන් හිටපු සභාපති අධිකරණයට

අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ශ්‍රීලංකන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ මහතා බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන විත් තිබේ.

සබැඳි පුවත්

Continue Reading

පුවත්

අධිවේගයේ යන සැමට ආසන පටි අනිවාර්ය වේ

Published

on

By

2025 අගෝස්තු 01 වන දින සිට අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල ගමන් කරන සියලුම මගීන්ටආසන බඳපටි පැළඳීම අනිවාර්යය කර තිබේ.

මේ අතර  සැප්තැම්බර් 01 වන දින සිටඅධිවේගී බස්රථවල ගමන් කරන කරන සියලුම මගීන්ට ද ආසන බඳපටි පැළඳීම අනිවාර්යය වේ.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (01) උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මේ බව කියා සිටියේය.

රිය අනතුරුවලින් විශාල ප්‍රමාණයක් ජීවිත අහිමි වන බවත් එම තත්ත්වය මඟ හැරීම සඳහා මෙම තීරණය ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම අධිවේගී මාර්ගවල ධාවනය වන සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයට ද ආසන පටි පැලඳීම අනිවාර්යය වන බව ද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

මේ අතර, 2011 වසරේ සිට ආසන පටි පැලඳීම අනිවාර්යය කර තිබුණ ද සැහැල්ලු වාහන සඳහා එම නීතිය තරමක් ක්‍රියාත්මක වුවත් ලොරි සහ බස්රථ එම නීතිය මඟ හැර සිටි බවත් අද (01)  සිට බස් හා ලොරි රථ රියදුරන්ට ආසන පටි පැලඳීම අනිවාර්යය වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා කියා සිටියේ, මෙය හුදෙක් නීතිය ක්‍රියාත්මක කිරීමක් නොවන අනතුරුවලින් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන පුළුල් වැඩපිළිවෙලේ එක් කොටසක් බවය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved