Connect with us

පුවත්

වාද්දූව පොලිසියේ 4ක් අත්අඩංගුවට!

Published

on

වාද්දුව පොලීසිය විසින් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු නිවෙසට ගොස් සිටියදී රෝගාතුරු වී රෝහල් ගත කිරීමෙන් පසුව මිය යැමේ සිද්ධිය සම්බන්ධයෙන් වාද්දුව පොලීසියේ කොස්තාපල්වරු සිවිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පුවත්

ඉන්දු – පාකිස්තාන ගැටුමට කිසිසේත්ම හවුල් වෙන්නේ නෑ

Published

on

By

ඉන්දු – පාකිස්තාන යුද තත්ත්වය තීව්‍ර වුව ද, ඊට කිසිදු ලෙසකින් සම්බන්ධ නොවන බව ශ්‍රී ලංකා රජය පවසයි.

අද (08) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ, ඉන්දු – පාකිස්තාන භූ දේශපාලනික ගැටුම සම්බන්ධයෙන් මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් අඛණ්ඩ ව අදාළ දැනුම්වත් කිරීම් රජය වෙත සිදු කරනු ලබන බවය.

කලාපීය සහයෝගීතාව, සාමය සහ ජනතාවගේ නිදහස ආරක්ෂා කිරීමට ත්‍රස්තවාදය හරස් වන ඕනෑම අවස්ථාවක එය මර්දනයට ශ්‍රී ලංකාව ලබා දිය හැකි සෑම සහායක් ම ලබාදීමට සූදානම් වුව ද,
රටවල් දෙකක් අතර පවතින භූ දේශපාලන ගැටුම්වලට මැදිහත් නොවී ස්වෛරීභාවය ආරක්ෂා කරගනිමින් නොබැඳි පිළිවෙතක් අනුගමනය කිරීමට ශ්‍රී ලංකා රජය තීන්දු කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

එක් රටකට විරුද්ධව කටයුතු කිරීමට ශ්‍රී ලංකා භූමිය හෝ ජල තීරය කිසිසෙත් ලබා නොදෙන ප්‍රතිපත්තිය තුළ රජය තදින්ම කටයුතු කරන බව ද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අවධාරණය කලේය.

Continue Reading

කැබිනට් තීරණ

අභිචෝදක කාර්යාලය පිහිටුවීමට කමිටුවක්

Published

on

By

ස්වාධීන අභිචෝදක කාර්යාලයක් ස්ථාපනයට නව නිතී හඳුන්වාදීම පිළිබඳ අධ්‍යනය සහ අවශ්‍යතාව මත දැනට පවතින නීති සඳහා සංශෝධන හඳුන්වාදීම නිර්දේශ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මැතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු තාක්ෂණික විශේෂඥ කමිටුවක් පත් කිරීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

අධිකරණ පද්ධතිය තුළ සිදුවන ප්‍රමාදයන් වැළැක්වීමේ යාන්ත්‍රණයක් ලෙස රජයේ අභිචෝදක කාර්යාලයක් හඳුන්වා දීමටත්, රජය වෙනුවෙන් නඩු කටයුතු මෙහෙයවීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවෙන් පරිබාහිරව ස්වාධීනව ක්‍රියාත්මක වන රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටු වීම සහ පළාත්බදව උප කාර්යාල පිහිටු වීමටත් යෝජනා කර තිබුණි.

එමඟින් අපරාධ යුක්ති ක්‍රමයේ ස්වාධීනත්වය හා විනිවිදභාවය වැඩි දියුණු කිරීම සහ ජනතාවගේ විශ්වාසය දිනාගත හැකි වන පරිදි අපරාධ යුක්ති ක්‍රියාදාමය කඩිනම් කිරීම අපේක්ෂා කෙරේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරිය විසින් 2024 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද අවසන් වාර්තාව මඟින් ද හදිසි අවශ්‍යතාවක් ලෙස සලකා ස්වාධීන අභිචෝදක අධිකාරියක් ස්ථාපිත කිරීමටයි යෝජනා කර තිබුණි.

Continue Reading

පුවත්

ආංශික අධීක්ෂණ කාරක සභා 6ක සේවයට නම්කළ මන්ත්‍රීවරු

Published

on

By

ආංශික අධීක්ෂණ කාරක සභා 6ක සේවය කිරීම සඳහා තේරීම් කාරක සභාව විසින් නම් කළ මන්ත්‍රීවරුන් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අද (08) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

ඒ අනුව ආංශික අධීක්ෂණ කාරක සභා 6 සඳහා පත් කළ සාමාජික මන්ත්‍රීවරුන් පහතින් දැක්වේ.

1.    ආර්ථික සංවර්ධනය සහ අන්තර්ජාතික සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    ලක්ෂ්මන් නිපුණ ආරච්චි මහතා
•    නීතිඥ සාගරිකා අතාවුද මහත්මිය
•    නීතිඥ නිලන්ති කොට්ටහච්චි මහත්මිය
•    කන්දසාමි ප්‍රභු මහතා
•    විජේසිරි බස්නායක මහතා
•    තිළිණ සමරකෝන් මහතා
•    නීතිඥ ලක්මාලි හේමචන්ද්‍ර මෙනෙවිය

2.    යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    මංජුල සුරවීර ආරච්චි මහතා
•    කේ. ඉලංකුමාරන් මහතා
•    රවීන්ද්‍ර බණ්ඩාර මහතා
•    ධනුෂ්ක රංගනාත් මහතා
•    අසිත නිරෝෂණ එගොඩ විතාන මහතා
•    ශාන්ත පද්ම කුමාර සුබසිංහ මහතා
•    නීතිඥ ගීතා හේරත් මහත්මිය

3.    අධ්‍යාපනය, ශ්‍රම බලකාය සහ මානව ප්‍රාග්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    අබූබකර් අතම්බාවා මහතා
•    ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි මෙනෙවිය
•    නිලූෂා ලක්මාලි ගමගේ මහත්මිය
•    සුගත් වසන්ත ද සිල්වා මහතා
•    සුජීව දිසානායක මහතා
•    සංජීව රණසිංහ මහතා
•    සුනිල් රාජපක්‍ෂ මහතා

4.    සෞඛ්‍ය, ජනමාධ්‍ය සහ කාන්තා සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    මුනීර් මුලාෆර් මහතා
•    (වෛද්‍ය) නිහාල් අබේසිංහ මහතා
•    සමන්මලී ගුණසිංහ මහත්මිය
•    (මහාචාර්ය) සේන නානායක්කාර මහතා
•    (වෛද්‍ය) එස්. ශ්‍රී බවානන්දරාජා මහතා
•    ජගත් මනුවර්ණ මහතා
•    රුවන් මාපලගම මහතා

5.    පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    රොෂාන් අක්මීමන මහතා
•    උපුල් කිත්සිරි මහතා
•    එම්.ඒ.සී.එස්. චතුරි ගංගානි මහත්මිය
•    සුසන්ත කුමාර නවරත්න මහතා
•    සුදත් බලගල්ල මහතා
•    කිට්නන් සෙල්වරාජ් මහතා
•    නීතිඥ භාග්‍ය ශ්‍රී හේරත් මහතා

6.    විද්‍යා, තාක්ෂණය සහ ඩිජිටල් පරිණාමනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව

•    චතුරංග අබේසිංහ මහතා
•    අර්කම් ඉල්යාස් මහතා
•    ලසිත් භාෂණ ගමගේ මහතා
•    තනුර දිසානායක මහතා
•    නීතිඥ හසාරා ලියනගේ මහත්මිය
•    (වෛද්‍ය) ජනක සේනාරත්න මහතා
•    චන්දිම හෙට්ටිආරච්චි මහතා

එසේම පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන වසන්ත සමරසිංහ,  සුන්දරලිංගම් ප්‍රදීප් සහ අබූබකර් අතම්බාවා යන මහත්වරුන්ද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මීට අමතර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන අබූබකර් අතම්බාවා, අර්කම් ඉල්යාස් සහ මයිල්වාගනම් ජෙගදීස්වරන් යන මහත්වරුන්ද, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතාද තේරීම් කාරක සභාව විසින් නම් කරන ලද බව කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට නිවේදනය කරන ලදි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved