පුවත්

වායු ගුණ තත්ත්ව දර්ශකය අහිතකර මට්ටමක

Published

on


දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු ගුණ තත්ත්ව දර්ශකය සුලු වශයෙන් අහිතකර මට්ටමක් දක්වා අද (02) දිනයේ ඉහළ යා හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පවසයි.

ඒ අනුව, වායු ගුණ තත්ත්ව දර්ශකය 86ත් 120ත් අතර අගයක දිනය පුරා පැවතිය හැකි බව සදහන්ය.

මෙම තත්ත්වය හේතුවෙන් සංවේදී පුද්ගලයින්ට හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවුවහොත් වෛද්‍ය උපදෙස් සදහා යොමු වන ලෙස දැනුම් දී තිබේ.

වව්නියාව, නුවරඑළිය, ඇඹිලිපිටිය, හම්බන්තොට, අනුරාධපුර නගරවල වායු තත්ත්ව දර්ශකය මධ්‍යස්ථ මට්ටමක පැවතිය හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන වායු විමෝචන භාරකාර අරමුදල පෙන්වා දෙයි.

Trending

Exit mobile version