සිය ගමන් බෑගය තුළ වායු රයිෆලයක් සඟවාගෙන කුවේට් රාජ්‍යය බලා යෑමට උත්සාහ කළ කුවේට් ජාතිකයකු කටුනායක ගුවන්තොටුපල ආරක්ෂක අංශ නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL229 දරණ ගුවන් යානයෙන් සැකකරු කුවේට් රාජ්‍යය බලා යාමට නියමිතව සිටි අතර,
ස්කෑන් යන්ත්‍ර පරීක්ෂාවේ දී ඔහුගේ ගමන්මල්ලේ සඟවා තිබූ වායු රයිෆලය සොයා ගැනීමට ගුවන්තොටුපලේ ආරක්ෂක අංශ නිලධාරීන් සමත්ව ඇති අතර, සැකකරු හා වායු රයිෆලය ගුවන්තොටුපල පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ.
මහනුවර ප්‍රදේශයේ පිහිටි වෙළෙඳසැලකින් ඔහු මෙම වායු රයිෆලය මිලදී ගෙන ඇති බව පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර, එය සිය රටට ගෙන යාමට උත්සාහ කළේ කුමන අරමුණක් සදහාද යන්න සොයා ගැනීමට පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වයි.