Connect with us

පුවත්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගෙවීම් පටිපාටිය COPA අවධානයට

Published

on

වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් අනුගමනය කරන ගෙවීම් පටිපාටිය රජයේ මුදල් රෙගුලාසි වලට අනුකුල නොවන බැවින්  එම පටිපාටිය නිවැරදි කිරීමට පෙර පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ  දුන් නිර්දේශ ක්‍රියාත්මක නොකිරීම පිළිබඳව කාරක සභා සභාපතිවරයාගේ අවධානය යොමු විය.

මේ පිළිබඳ අවධානය යොමු වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය  ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (07) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

තවද, 2022 වර්ෂයේදී රු. 352,420,052ක් වටිනා චෙක්පත් 1177 ක් ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු නමට නිකුත් කර රේඛනය අවලංගු කර ගෙවීම් සහතික කල කොට්ඨාශ සහකාර විසින්ම මුදල් කරගෙන තිබීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡාවට බඳුන් විය.  

මේ අනුව මේ සම්බන්ධයෙන්  නිසි  ක්‍රියාමාර්ගයක් ගැනීමට කටයුතු කරන ලෙස කෝපා කාරක සභාව මෙහිදී නිලධාරීන්ට නිර්දේශ කළේය.

බස්නාගොඩ ජලාශය ඉදික්රීමේ ව්‍යාපෘතිය සඳහා කොන්ත්‍රාත්කරු විසින් ඉදිරිපත් කරන ලද රු.මි. 2,093 ක ලංසුව තාක්ෂණික ඇගයීම් කමිටුවේ නිර්දේශ මත රු. මි. 254 කින් වැඩි කර රු. මි. 2,347 ක වටිනාකමකට ප්‍රදානය කර තිබීම පිළිබඳව කෝපා කාරක සභාව විසින් පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටින ලදී.

එහිදී පැමිණ සිටි නිලධාරීන් පවසා සිටියේ ගණනයේ යම් අත්වැරදීමක් සිදුව ඇති බවත්, එය නිවැරදි කිරීමට මේ වන විට සියලු කටයුතු යොදා ඇති බවත් ය.

මෙහිදී ගිං නිල්වලා ව්‍යාපෘතියේ ඇස්තමේන්තුවෙන් 4.35% ක වැඩ ආරම්භ කිරීමේ අත්තිකාරම් ගෙවා තිබුනද එම ව්‍යාපෘතිය ආරම්භ නොකිරීම පිළිබඳවද සාකච්ඡා විය.

මෙම කාරක සභාව සඳහා රාජ්‍ය අමාත්‍ය මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) උපුල් ගලප්පත්ති මහතා,  ජේ. සී. අලවතුවල මහතා,  ජයන්ත කැටගොඩ මහතා සහභාගී විය.

පුවත්

ගතවූ මාස 06ට රිය අනතුරුවලින් 2000කට ආසන්න පිරිසක් මරුට

Published

on

By

2025 වසරේ ගතවූ මාස හයක කාලය තුළ මාරක රිය අනතුරුවලින් පුද්ගලයින් 2000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.

රථවාහන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ, මාර්ගයට නුසුදුසු රථවාහන සහ අවීනීත රියදුරන් හේතුවෙන් මාර්ග අනතුරු සිදුවන බවයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පැවසුවේ, රිය අනතුරු හේතුවෙන් පසුගිය වසරේදී මියගිය පුද්ගලයින්ට අමතරව 7,152දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බවය. 

Continue Reading

පුවත්

වාහන ආනයනයෙන් රුපියල් බිලියන 165ක රේගු ආදායමක්

Published

on

By

වාහන ආනයනයට අවසර දීමත් සමග මේ දක්වා කාලය තුළ රුපියල් බිලියන 163ක රේගු ආදායමක් වාහන ආනයනයෙන් පමණක් උපයා ගෙන ඇති බව ශ්‍රී ලංකා රේගුව පවසයි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුග්ගොඩ මහතා  පැවසුවේ, මෙම වසරේ ලබා දී ඇති ආදායම් ඉලක්කයන් ඉක්මවා යෑමට රේගුවට හැකියාව පවතින බවය.

“2025 වසරේ දී අපට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,115ක්. ගිය වසරේ දී අපිට ලැබුණු ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,533ක්. අපි ගිය වසරේ දී ඒ ඉලක්කය ඉක්වමින් රුපියල් බිලියන 1,535ක ආදායමක් උපයලා තියෙනවා. ඉතින් මේ වසරේ දීත් අපේ ඉලක්කයෙන් ජූනි මැද වෙනවිට රුපියල් බිලියන 900 ඉක්මවමින් අපි ආදායමක් කරලා තියෙනවා. රථවාහන ගත්තහම 2025 පෙබරවාරි 1 සිට රජය මෝටර් රථ ආයනයට අවසර දුන්නා. මේ වනවිට මෝටර් රථ 14,000ක් පමණ ආනයනය කරලා තියෙනවා. ඒ තුළින් රු බි 165ක පමණ ආදායමක් උපයලා තියෙනවා. මේ වසරේ දී අපි මෝටර් රථ ආනයනයෙන් අපි රු බි 450ක් බලාපොරොත්තු වෙනවා.”

ඉරාන ඊශ්‍රාරායල් යුද්ධය මෙරටට භාණ්ඩ ආනයනයේදී බලපෑමක් ඇතිවේද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සීවලී අරුග්ගොඩ මහතා පවසා සිටියේ, රට තුළට භාණ්ඩ ආනයනය කරන නෞකා මෙතෙක් ප්‍රමාද වන බව දැනුම්දී නොමැති බවය.

Continue Reading

පුවත්

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹේ (සජීවි විකාශය)

Published

on

By

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

එහි සජීවි විකාශය ,

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved