පුවත්

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන්ගේ නිවාඩු කැන්සල්

Published

on

පවතින ආපදා තත්ත්වය හමුවේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජලාශ භාර තාක්ෂණික නිලධාරීන්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කර තිබේ.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කළේ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සහ මහවැලි අධිකාරියේ ඉංජිනේරුවන් සහ ජලාශ භාර තාක්ෂණික නිලධාරීන් සේවා ස්ථානවල රැඳි සිටිය යුතු බවය.

නිවාඩු ලබා සිටින එවැනි නිලධාරින්ගේ නිවාඩු වහාම ක්‍රියාත්මක පරිදි අවලංගු කර ඇති බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය නිවේදනය කරයි.

Trending

Exit mobile version