Connect with us

පුවත්

වාහන ආනයනය ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

Published

on

පෙබරවාරි මාසය වන විට වාහන ආනයනය සඳහා අවසර ලැබුණත් වාහන ආනයනය බලපත්‍රවලට වාහන ගෙන්වීමට අවසර නොලැබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ඊයේ (21) පැවති දේශපාලන සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කලේය.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ වාහන ආනයන බලපත්‍ර සඳහා වෙනත් ක්‍රමවේදයක් හඳුන්වා දීමට අපේක්ෂා කරන බවය.

වාහන ආනයනයගැන තීරණය ගනු ලැබුවේ ශක්තිමත් ඩොලර් සංචිත නිර්මාණය කර ඇති පසුබිමක නොවන බවත් ආර්ථිකය තවදුරටත් ඉදිරියට තල්ලු කර වාහන වෙළඳපොළ විවෘත කරගැනිමේ අරමුණෙන් බවත් අනුර කුමාර දිසානායක මහතා තවදුරටත් සඳහන් කලේය.

ඒ අනුව, මහ බැංකුව සමඟ සාකච්ඡා කර කොතරම් ඩොලර් ප්‍රමාණයක් වෙන් කළ හැකිද යන්න පිළිබඳව තීරණය කළ බවත් ඩොලර් බිලියන 1.2ක ප්‍රමාණයේ වාහන ආනයන වියදම රඳවාගන්න කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියේය.

“අවුරුදු පහක් වාහන ආනයනය නතර කරලා තිබුණා. 2018 දී ඩොලර් බිලියන 1.95ක් වාහන ආනයනය කරලා තියෙනවා. 2019 ඩොලර් බිලියන 1.4ක වාහන ආනයනය කරලා තියෙනවා. ඩොලර් බිලියන 1-2 අතර ප්‍රමාණයක තමයි වාහන ආනයනය කරලා තියෙන්නේ.

නැවත වාහන ආනයනය කරන්න යනවා. මේ තීරණ්‍ය ගන්නේ ශක්තිමත් ඩොලර් ශක්තියක් නර්මාණය කරගෙන නෙවෙයි. ආර්ථිකය ඉස්සරහට තල්ලු කිරීම සඳහා වාහන වෙළඳපොළ විවෘත කරනවා කියන ස්ථාවරයේ ඉඳලා. එතකොට ඩොලර් සංචිතයට විශාල බලපෑමක් ඇති නොවිය යුතුයි. වාහන වෙළඳපොළ විසින් ඩොලර් සංචිතවලට බලපෑමක් ඇති කරන්න බෑ. දෙවැන්න මිල ගණන්. දැනට තියෙන්නේ 2019 දී ඩොලරය 190 වෙද්දී වාහන මිල. දැන් ඩොලරයේ අගය අනුවම සීයට 40ක විතර මිල වැඩිවීමක් වෙනවා. අනෙක වැට් බද්ද එකතු කරලා තියෙනවා.

වාහනවල සකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් තියෙනවා. බොහෝ අය ලීසිං දාලා සකන්ඩ් හෑන්ඩ් අරගෙන තියෙන්නේ. මේ වෙළඳපොළයි, අලුත් වාහන වෙළඳපොළයි අතර තරගයක් අත්හැරුණොත් ලීසිං ගෙවන්නේන නැතිව අත්හරින්න පුළුවන්. සකන්ඩ් හෑන්ඩ් වාහන වෙළඳපොළ අර්බුදයට ගියොත් ලීසිං සහ බැංකු අර්බුදයට යන්න පුලුවන්.

තුන්වැනි එක අපි මහබැංකුව සමඟ සාකච්ඡා කරලා ආවා මේ වසරේ ඩොලර් කොච්චර ප්‍රමාණයක් වෙන් කළ හැකිද කියලා. ඩොලර් අවශ්‍යතාවෙන් කොච්චර ප්‍රමාණයක් වෙන් කළ හැකිද කියලා. හතරවැනුව,  අනෙක ඩොලර් කොපමණ ප්‍රමාණයක් වැය වෙනවාද කියන එක සලකා බැලුවා. අපි පෙබරවාරි මාසයේදීම සියලු වාහන ආනයනය කළොත්, ඩොලර් වැය වීමේ පීඩනය එම මාසයටම එකතු වෙනවා. ඩොලර් බිලියන දෙකම පෙබරවාරි මාසයට එකතු කළ නොහැකියි.

පර්මිටුත් තියෙනවා සෑහෙන එළියේ.

මං හිතන්නේ පර්මිට්වලට අවස්ථාව ලැබෙන්නේ නෑ. පර්මිට් විසිදාහක් විතර තියෙනවා. අපි ඒකට වෙනම ක්‍රමවේදයක් කල්පනා කරමින් සිටිනවා. මේ අවස්ථාවේ පර්මිට්වලට ඉඩ ලැබෙන්නේ නෑ.

ඩොලර් බිලියන 1.2ක ප්‍රමාණයේ වාහන ආනයන වියදම රඳවාගන්න කටයුතු කරනවා. ඒ නිසා ආරම්භයේදී මිල ඉහළ යාවි. ක්‍රමිකව වෙළඳපොළ හැසිරෙන ආකාරය අනුව නිදහස් කරන්නේ කොහොමද කියලා බලනවා. පැති කිහිපයම බලමින් තමයි අපි කටයුතු කරන්නේ. මිල ගණන් පිළිබඳ සංවාදයක් රටේ යනවා. ඇත්ත. මිල යම් ප්‍රමාණයකට ඉහළ යයි.

ලංකාවේ ඇසෙම්බල් වාහනවල අපි බලන්න ඕනෑ කොච්චර අපි වැලිව් ඇඩ් කරනවාද කියලා. ඒත්, සීයට පහක්, හතක් අතර ප්‍රමාණයක තියෙන්නේ. තව අමතර කොටස් එකතු කරලා ඒක වර්ධනය කරගන්නවා නම් හොඳයි. ඒත්, දැනට ඒක ප්‍රමාණවත් නෑ.”

කැබිනට් තීරණ

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව (සජීවී විකාශය)

Published

on

By

අද (25) කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාව ආරම්භ විය.

ඒ, කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙනි.

එම සජීවි දර්ශන පහතින්  නරඹන්න.

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-25

සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේ තීරණ දැනුම්දීම – 2025-06-25

Posted by Department of Government Information – Sri Lanka on Tuesday, June 24, 2025

Continue Reading

පුවත්

හෙල්මටයකින් පහරදී තරුණයෙකු ඝාතනය කරයි

Published

on

By

බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේදී ආරක්ෂිත හිස්වැසුමකින් පහර දී තරුණයෙකු ඝාතනය කර තිබේ.

පොලීසිය පැවසුවේ පුද්ගලයින් දෙදෙනෙකු අතර සිදුවු බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ප්‍රහාරය සිදුව ඇති බවය.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර යළි හොරණ රෝහලට මාරුකර ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ 30 හැවිරිදි බුලත්සිංහල, හල්වතුර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

පහරදීම සිදුකිරීම සම්බන්ධයෙන් 23 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර බුලත්සිංහල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.  

Continue Reading

පුවත්

වෙඩිතබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු හමුවෙයි

Published

on

By

මිද්දෙණිය, තෝරකොළයාය ප්‍රදේශයේදී පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් වෙඩි තබා ඝාතනය කළ තරුණයින් දෙදෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, එලෙස ඝාතනය වී ඇත්තේ අවුරුදු 25ත් – 30ක් අතර වයස්වල පසුවන තරුණයින් දෙදෙනෙකු බවය.

අද (25) උදෑසන මෙම වෙඩිතැබීම සිදුව ඇති අතර, මේ වනවිට විශේෂ පරීක්ෂණ කණ්ඩායම් තුනක් මිද්දෙණිය පොලීසිය සමග එක්ව පරීක්ෂණ ආරම්භ කර තිබේ.

වෙඩිතැබීම කුමන හේතුවක් මත කවුරුන් විසින් සිදුකර ඇත්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved