Connect with us

පුවත්

වාහන ආනයනය සිදු වෙන හැටි

Published

on

වාහන ආනයනය සඳහා කාණ්ඩ කිහිපයක් යටතේ ලබා දෙන බවත් එහිදී විශේෂයෙන් වාණිජ මට්ටමේ වාහන සඳහා අවස්ථාව හිමි වනු ඇති බවත් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය  අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කලේය.

ඔහු අවධාරණය කළේ  පවතින විදේශ විනිමය සීමාවන්ට යටත්ව මෙම ක්‍රියාවලිය සිදු කරන බවය.

අද (26) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වූ අවස්ථාවේදී ඉදිරියේදී වාහන ආනයනය සිදුකරන ආකාරය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කලේය.

ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩ හරිනු ලබන අතර එකවර ස්ථාවරභාවය කඩා බිඳ දමමින් කටයුතු නොකරන බව ඔහු තවදුරටත් පවසා සිටියේය.

“කාණ්ඩ කිහිපයක් යටතේ තමයි අවසර ලබාදෙන්නේ. විශේෂයෙන් වාණිජ මට්ටමේ තියෙන වාහන. නමුත් එය විදේශ විනිමය සීමාවන්ට යටත්ව තමයි කරන්නේ. නමුත් ඒ තියෙන ප්‍රශ්නයේදී දැනටම සැලකිල්ලට භාජනය කරලා තියෙනවා කොපමණ සංචිත ප්‍රමාණයක් තියෙනවාද කියලා. ඒ වගේම මහ බැංකුව යම් ආකාරයක අවශ්‍යකරන අතිරේක බෆර් රිසව් හදලා තියෙනවා. ඒ සීමාවට යටත්ව තමයි ඒ ප්‍රමුඛතා මත ඒ අවස්ථාව ලබාදෙන්නේ පළවෙනි අධියරයේදී.”

“අවස්ථා තුනකදී තමයි මේ අවස්ථාවන් ටික ලැබෙන්නේ. මොකද ක්‍රමිකව මේ ස්ථායිකරණ වැඩසටහනට අනුගාමිව මේක යන්නට ඕනේ. සංචිත ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකට දැන් හැදිලා තියෙනවා ඩොලර් බිලියන 6.4ක්. ඒ නිසා එකවර මේක අතහැරලා ස්ථාවරභාවය කඩා බිඳ දමන්න නැහැ. ක්‍රමිකව අවශ්‍ය පරිදි වෙළෙඳපොළ යාන්ත්‍රණයට ක්‍රියාත්මක වෙන්න ඉඩහරිනවා.”

පුවත්

ඩෙංගු අධි අවදානම් කොට්ඨාස 38ක්

Published

on

By

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අධි අවදානම් සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශ 38ක් හඳුනා ගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

එහි අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළේ, මැයි මාසයේ මේ දක්වා රෝගීන් 2,200ක් හඳුනාගෙන ඇති බවයි.

මේ අතරින් රෝගීන්ගෙන් 47% ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.

වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 20,000ක් පමණ හඳුනා ගෙන ඇති බව ද වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, ඩෙංගු හා චිකුන් ගුන්යා රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් ඇති බවය.

මෙම රෝග දෙකේම වාහකයා එකම මදුරුවෙකි.

ඩෙංගු මදුරු මර්දනය සඳහා ලබන 19 වැනිදා සිට 24 වැනිදා දක්වා විශේෂ ඩෙංගු මර්දන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව වෛද්‍ය සදත් සමරවීර මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්ක 15ක එම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි.

Continue Reading

පුවත්

Aqua, Prius ආනයනය නවතා දමයි

Published

on

By

වාහන ඉල්ලුම බලාපොරොත්තු වූ තරමට නොවීම හේතුවෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථ මාදිලි කිහිපයක ආනයනය නවත්වා ඇති බව වාර්තා වේ.

මේ අතර වූ ප්‍රධාන මාදිලි වන්නේ ටොයොටා සමාගමේ ඇක්වා (Aqua)  සහ ප්‍රියස් (Prius) මෝටර් රථයි.

නව බදු අනුපාත හේතුවෙන් මෙම වාහනවල මිල අධික ඉහළ යාම නිසා ආනයනකරුවන් විසින් එම මාදිලි ආනයනය තාවකාලිකව අත්හිටුවා ඇත.

ඉහළ බදු අනුපාත හේතුවෙන්  මධ්‍යම පාන්තික ග්නුම්කරුවන්ගේ  වාහන ඉල්ලුම සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.

එසේ නමුත්  වාහන මිල ගැන වැඩි නොසලකන ධනවත් පිරිසක් සාමාන්‍ය පරිදි වාහන මිලදී ගන්නා නිසා, සුඛෝපභෝගී මෝටර් රථ ආනයනය වැඩි වශයෙන් සිදු වන බව ආනයනකරුවෝ පවසති.

Continue Reading

පුවත්

කැනඩාවේ මහජන ආරක්ෂක අමාත්‍යධූරය ගැරී ආනන්දසංගරීට

Published

on

By

කැනඩාවේ නව මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස  ශ්‍රී ලාංකේය දෙමළ සම්භවයක් සහිත ගැරී ආනන්දසංගරී (Gary Anandasangaree) මහතා පත් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස, ගැරී ආනන්දසංගරී මහතා මහජන ආරක්ෂාව, ජාතික ආරක්ෂාව, හදිසි අවස්ථා කළමනාකරණය, පුරවැසිභාවය, සහ දේශසීමා ආරක්ෂාව ඇතුළු බොහෝ වැදගත් වගකීම්වලට නායකත්වය දෙනු ඇත.

2025 මැයි 13 වැනිදා ප්‍රකාශයට පත් කරන ලද සැලකිය යුතු කැබිනට් ප්‍රතිසංවිධානයක කොටසක් ලෙස මෙම පත්වීම සිදුව ඇති අතර, එය මැතිවරණයෙන් සති දෙකකට පසුව සිදු කරන ලදී.

මීට පෙර ගැරී ආනන්දසංගරී කැනඩාවේ අධිකරණ අමාත්‍යවරයා ලෙස කටයුතු කළේය.

සබැඳි පුවත්

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved