පුවත්

වාහන නිදහස් කර දෙනවැයි ලක්‍ෂ 62ක් වංචා කරලා!

Published

on

හම්බන්තොට වරායේ ගාල්කර තිබෙන මෝටර් රථ නිදහස් කර දෙන බව පවසා පුද්ගලයන් තිදෙනෙකුගෙන් රු. 6,271,000ක මුදලක් වංචා කළ බවට චෝදනා මත පුද්ගලයෙක් කොළඹ වංචා විමර්ශන කාර්යංශය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

ඔහු අද දිනයේ අළුත්කඩේ අංක 06 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

සැකකරු පානදුර අලුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක් වන අතර, ඔහු සුප්‍රසිද්ධ රූපලාවන්‍ය සහ නිරූපණ ශිල්පියෙක් බව පැවසේ.

ටොයෝටා ඇක්සියෝ වර්ගයේ මෝටර් රථ දෙකක් හා වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් නිදහස් කරදීමට පොරොන්දු වී ඇති මෙහුට එරෙහිව ඉහත පුද්ගලයන් තිදෙනා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව, ඊයේ සවස ඔහුව එම කොට්ඨාශයට කැඳවා ප්‍රශ්ණ කළ බවත්, ඉන් අනතුරුව අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

සැකකරුට විරුද්ධව වෙනත් පොලිස් ස්ථාන වලට මෙවැනි ආකාරයේ මුදල් වංචා කිරීම් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව පොලිසිය වැඩිදුරටත් පවසයි.

කොළඹ වංචා විමර්ශන කාර්යාංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකර ගෙන යනු ලබයි.

Trending

Exit mobile version