Connect with us

පුවත්

වාහන ලක්ෂ 23ක් තහනම් කරයි !

Published

on

දැනට ලියාපදිංචිව ඇති එහෙත් වසර ගණනාවක් තිස්සේ ආගිය අතක් නැති වාහන ලක්ෂ විසි තුනක් පමණ තහනම් කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මේ අනුව වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන හෝ පැවරීමකට යොමුව නැති වාහන සම්බන්ධයෙන් තදින්ම කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය හා ශ්‍රීලන්කන් ගුවන් සමාගම විසින් මෙරටට ගෙන්වා වරායේ හා ගුවන් තොටුපළ භාවිතයට ගෙන ඇති වාහන සහ රේස් තරග සඳහා යෙදවීමට ගෙන්වා ගෙන ඇති දහස් ගණනක වාහන ප්‍රමාණයක් පවතින බවත් ඒවා ලියාපදිංචි කිරීමකින් පසුව භාවිතයට ගැනීම අනිවාර්ය කරන බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ පැවසීය.

මේ වනවිට වාහන අසූ තුන් ලක්ෂයක් ලියාපදිංචිව ඇතත් වාර්ෂිකව වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනෙන්නේ වාහන පනස් පන් ලක්ෂයක් පමණක් බවත් ඒ බව වාහන ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට අවශ්‍ය දුම් සහතික ලබා ගැනීමෙන් තහවුරු වන බවත් කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

ඒ හැරුණු විට ආදායම් බලපත්‍ර අලුත්කර ගැනීමට දුම් සහතික අවශ්‍ය නොවන විට හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික්, ඉඩම් වාහන මෙන්ම 1975 වසරට පෙර ලියාපදිංචි වූ වාහන ලක්ෂ පහක පමණ සංඛ්‍යාවක් භාවිතයේ තිබෙන බවත් ඒ අනුව සමස්තයක් වශයෙන් ගතහොත් වාහන ලක්ෂ හැට එකක පමණ සංඛ්‍යාවක් භාවිතයේ පවතින බවට අනුමාන කළ හැකි බවත් ඔහු කීවේය.

මේ අනුව වාහන ලක්ෂ විසි එකකට අධික සංඛ්‍යාවක් අතුරුදන්ව පවතින බවත් වසර ගණනාවක් පුරා ආදායම් බලපත්‍ර අලුත් කරගෙන වාහන ගැන තොරතුරු ලබා දෙන්නැයි පළාත් සභා යටතේ පවතින පළාත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු වෙත කොපමණ දැනුම් දීමක් කළත් කිසිම පළාත් සභාවක් එකී තොරතුරු ලබාදී නැති බවද කොමසාරිස් ජනරාල්වරයා කීවේය.

පළාත් සභාවලින් එම තොරතුරු ඉල්ලීමේදී ඒවා තොරතුරු තාක්ෂණ නියෝජිතායතයෙන් ලබාගත යුතු බවට පවසන බවත් තොරතුරු තාක්ෂණ නියෝජිතායතනයෙන් විමසීමේදී ඔවුන් තවමත් තොරතුරු ඒකරාශි කරගැනීමේ ක්‍රමවේදයක් සකස්කර නැතැයි පවසන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කෙසේ වෙතත් වාහන ලක්ෂ විසි තුනකට අධික සංඛ්‍යාවක් ගැන නිශ්චිත තොරතුරු නොමැති වීමත් අපරාධ සඳහා යතුරුපැදි ඇතුළු එවැනි වාහන යොදා ගන්නා බවට තොරතුරු හෙළි වීමක් නිසා වසර තුනකට වැඩි කාලයක් ආදායම් බලපත්‍ර අලුත් කරගෙන නැති සියලුම වාහන ලියාපදිංචියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීමට අවධානය යොමුව ඇත.

(අරුණ)

පුවත්

කුලියාපිටිය නවකවධ සිද්ධියට ඇල්ලූ 4ම රිමාන්ඩ්

Published

on

By

කුලියාපිටිය කාර්මික විද්‍යාලයේ පළමු වසරේ සිසුවියක් නවකවධය හේතුවෙන් වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එහි ජ්‍යේෂ්ඨ සිසුන් තිදෙනා සහ සිසුවිය ලබන 16දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

මෙම නියෝගය ලබාදී ඇත්තේ ඔවුන්ව අද (04) කුලියාපිටිය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

අදාල සිසුවිය පසුගිය 02දා විද්‍යාලය ආසන්නයේ පිහිටි වැවකට පැන සියදිවි හානිකර ගැනීමට උත්සහ කර තිබුණු අතර, අසල සිටි පිරිසක් විසින් ඇයව බේරාගෙන කඩිනමින් කුලියාපිටිය රෝහල වෙත ඇතුලත් කර තිබුණි.

පසුව රෝහල් පොලීසිය විසින් අදාළ ශිෂ්‍යාවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන ඇති අතර, එහිදී අනාවරණය වී ඇත්තේ, විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ සිසුන් කිහිපදෙනෙකු විසින් තමන්ට නවකවධය ලබාදීම හේතුවෙන් මෙලෙස සියදිවි හානිකර ගැනීමට උත්සහ ගත් බවයි.

Continue Reading

පුවත්

මුඛ ආවරණ පැළඳීමේ උපදෙස් ලිපිය ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

Published

on

By

කාර්යාල පරිශ්‍ර තුළ මුඛ ආවරණ පැළඳීම සම්බන්ධයෙන් උපදෙස් ඇතුළත් ජුනි 02දා බස්නාහිර පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පාලන) ගේ අත්සනින් යුතුව ලිපිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පැහැදිලි කිරීමක් සිදුකොට ඇත.

එහි දැක්වෙන්නේ මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් – විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් වෙත ලිපියක් යොමු කරමින් අදාල ලිපියේ නිකුත් කර ඇති උපදෙස් යළි සලකා බලා කටයුතු කරන මෙන් ඉල්ලා ඇති බවයි.

කාර්යාල තුළ මුඛ ආවරණ පැළඳීමට කටයුතු කරන ලෙස පොදුවේ ආයතන වෙත උපදෙස් දීමට අවශ්‍යතාවයක් පැන නොනගින බවද ජාසිංහ මහතා පවසා තිබේ.

මේ වන විට එම උපදෙස් මාලාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 

සෞඛ්‍ය අමාත්‍යංශය විසින් මේ සම්බන්ධයෙන් සිදුකළ පැහැදිලි කිරීම මෙසේය :

Continue Reading

පුවත්

RCB ජය සැමරුම අතර තෙරපීමකින් 11ක් මරුට

Published

on

By

මෙවර IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු (RCB) කණ්ඩායමේ ජය සැමරුම සඳහා බෙගලූරුහිදී අද (04) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ ඇති වූ තෙරපීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

මෙම අනතුරෙන් තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව ඉන්දීය මාධ්‍ය සඳහන් කරයි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved