Connect with us

පුවත්

වාහන වෙන්දේසියට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

Published

on

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන වෙන්දේසියට ගැන අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරයේ සභාපති අසංක රුවන් පොතුපිටිය මහතා විසින් අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල සිදුකර තිබේ.

වාහන ටෙන්ඩර් ක්‍රමයකට ලබාදී ඇති අතර තක්සේරු වටිනාකම ඉතාමත් පහළ අගයක ඇති බවට ඔහු චෝදනා කරයි.

මෙසේ ටෙන්ඩර්වල සක්සේරු වටිනාකම අඩුවෙන් යෙදීම හේතුවෙන් රථ වාහන සඳහා ලබා දී ඇති මුදල් ප්‍රමාණවත් නොවන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා වැඩිදුරටත්  පවසයි. එමෙන්ම ඔහු පැවසුවේ නැවත පැවැත්වීමට නියමිත වාහන වෙන්දේසි නැවැත්වීමට ක්‍රියාකරන ලෙස ද ස්වර්ණ භූමි ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටින බවය.

කෙසේ වෙතත් මෙම වාහන වෙන්දේසිය පිළිබඳ සාවද්‍ය තොරතුරු හුවමාරු වීම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබිණි.

එම නිවේදනයේ සඳහන් පරිදි එහිදී රජයේ තක්සේරු වටිනාකම ඉක්මවා ඉහළම මිල ගණන් ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් අයදුම්කරුවන්ට වාහන අලෙවි කිරීමට කටයුතු කර ඇත. තවද, ඇතැම් වාහන සඳහා රජයේ තක්සේරුව ඉක්මවා මිල ගණන් ඉදිරිපත් නොවූ බැවින්, අලෙවි කරන ලද්දේ ඉදිරිපත් කරන ලද වාහන 26න් 17ක් පමණි. එසේ රජයේ තක්සේරු වටිනාකම ඉදිරිපත් නොවු වාහන අතරට වාහන 09ක් ඇතුළත්ය යන්න සමඟ එම වාහන පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඇතුළත් කර තිබේ.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

සබැඳි පුවත්

පුවත්

නායයාම් අනතුරු ඇඟවීම් නිකුත් කරයි

Published

on

By

පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ .

ඒ අනුව විමසිලිමත් බවින් සිටින ලෙසටයි අදාල අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර ඇත .

ඒ අනුව කොළඹ කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක, ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර සහ ඉංගිරිය, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරලය, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, රුවන්වැල්ල, දෙහිඕවිට සහ වරකාපොල සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ, කිරිඇල්ල , කුරුවිට,නිවිතගල ,කලාවන යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ .

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය අද(19) පස්වරු 14.00 සිට හෙට(20) පස්වරු 14.00 දක්වා ක්‍රියාත්මක බවය .

Continue Reading

පුවත්

ප්‍රංශ තානාපති සහ ඇමති විජිත අතර හමුවක්

Published

on

By

ශ්‍රී ලංකාවේ වෙසෙන ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් අද (19) විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරගෙන යන දුරදර්ශී ආර්ථික ක්‍රියාදාමය අගය කළ තානාපතිවරයා, ජාත්‍යන්තර කටයුතුවල දී ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් වැඩකිරීමට ප්‍රංශ රජය ඉතා කැමැත්තෙන් සිටින බව ද දන්වා තිබේ.

මෙහිදී අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රංශ තානාපතිවරයා හමුවේ පවසා ඇත්තේ දෙරට අතර ඇති ද්විපාර්ශ්වික ණය ගිවිසුම ප්‍රතිව්‍යුහගත කිරීමේ කාර්ය ඉක්මනින් අවසන් කිරීමට අවශ්‍ය බවය.

එහිදී දෙපාර්ශ්වයටම වාසිදායක වන අයුරින් මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රංශ රජය කැමැත්තෙන් සිටින බවද ප්‍රංශ තානාපතිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබේ.

Continue Reading

පුවත්

නලින්ද වෙනුවට වැඩ බලන්න හසංක

Published

on

By

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙනුවෙන් වැඩ බැලීම සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතාව පත් කර තිබේ.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අද (19) දිනයේ දී ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම සිදු කරන ලද බවය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 78 වැනි වාර්ෂික මහා සමුළුවට එක්වීම සඳහා ගොස් ඇති බැවින් මෙම පත් කිරීම සිදු කර ඇත.

මෙම පත් කිරීම වලංගු වන්නේ නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා දිවයිනට යළි පැමිණෙන තෙක් පමණි.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved