පුවත්

වාහන හොරු අතර සීසර්ලා; ලීසිං මැනේජර්ලාත් සම්බන්ධයි

Published

on

වාහන මිල සහ අමතර කොටස් ඉහළ යාමත් සමඟ රථවාහන සොරකම් කිරීම ඉහළයාමේ ප්‍රවණතාවක් ඇතිවී ඇතැයි පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

පහසුවෙන් සොරා ගැනීමට හැකියාවක් ඇති යතුරු පැදි සහ ත්‍රීරෝද රථ සොරකම්වල සීඝ්‍ර වර්ධනයක් ඇතැයි ද පැවසේ.

මෙසේ සොරාගන්නා වාහන වැඩිවශයෙන් ගලවා අමතර කොටස් සඳහා විකුණන බවට ද පොලිසියට තතු ලැබී ඇතැයි වාර්තා වේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පවසන්නේ මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට සැත්තැම්බර් 30 වෙනිදා දක්වා රටපුරා සිදුව ඇති රථවාහන සොරාගැනීම් සංඛ්‍යාව 1,406ක් බවයි.

එසේම 2021 වසරේ වාහන සොරා ගැනීම් 1,405ක් පමණ වාර්තා වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

එම වසරේ මුල් මාස 09 තුළ සිදුව ඇති රථවාහන සොරකම් ගණණ 964කි.

ඒ අනුව පෙර වර්ෂයට සාපේක්ෂව මෙම වසරේ එම කාල සීමාව තුළ රථවාහන සොරකම් 442කින් ඉහළ ගොස් ඇති බවද ඔහු කියා සිටී.

මෙසේ වාහන සොරකම් කරන අය අතර ලංකාවේ ප්‍රසිද්ධ ලීසිං සමාගම් සිය වාරික නොගෙවන පාරිභෝගිකයන්ගේ වාහන ලබා ගැනීමට සීසර්ලා ලෙස භාවිතා කරණ අය සිටින බවට ද පොලිසියට සැක මතුව ඇතැයි පැවසේ.

එසේම එම වාහාන පැහැරගෙන යාම් සඳහා ලීසිං මැනේජර්ලා සම්බන්ධද යන්න පිළිබඳවද සැක මතුව ඇති බව වාර්තා වේ.

මූලාශ්‍රය – සිළුමිණ

Trending

Exit mobile version