Connect with us

පුවත්

වැට්වලිනුත් මහ මුදලාලිලා ගොඩ; රේගු නිලධාරීන්ටත් අවුරුදු!

Published

on

එකතු කළ අගය මත බද්ද (වැට්) අද (01) සිට සියයට 18 ක් දක්වා වැඩිවන බැවින් භාණ්ඩ ආනයනකරුවන් රැසක් පසුගිය දෙසැම්බර් මාසයේදී වෙළෙදපොළේ ඉදිරි මාස තුන හතරකට අවශ්‍ය ලෙස ආනයනය කළ භාණ්ඩ කොළඹ වරායේ ඇතැයි අනාවරණය වේ.

භාණ්ඩ ආනයනය සියයට 50 ක් පමණ ඉහළ යාම නිසා දෙසැම්බර් මස අවසන් දින කීපය තුළදී භාණ්ඩ නිෂ්කාශන කටයුතුවලදී ඉතා විශාල තදබදයක් පැවැති බවද රේගුව සඳහන් කරයි.

පසුගිය දින කීපය තුළදී භාණ්ඩ ආනයනයේ අසාමාන්‍ය ඉහළ යාමක් පෙන්නුම් කළ බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා මාධ්‍යට පවසා තිබේ.

රේගුව විසින් නිෂ්කාශන කටයුතු සඳහා සාමාන්‍යයෙන් දිනකට බහාලුම් 1000 ත් 1200 ත් අතර ප්‍රමාණයක් ලැබුණද, ඉකුත් 28 වැනිදා නිෂ්කාශන කටයුතු සඳහා බහාලුම් 1774 ක් සඳහාත්, ඉකුත් 29 වැනිදා බහාලුම් 1600 කට වැඩි ප්‍රමාණයක් සඳහාත් ආනයන නිෂ්කාශන ලියවිලි රේගුවට ඉදිරිපත් කර තිබූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

මෙම ප්‍රමාණය දෛනික සාමාන්‍ය නිෂ්කාශන බහාලුම් ප්‍රමාණයට වඩා සියයට 50 ක පමණ ඉහළ යාමක් බවද රේගුව කියයි. 

මෙම තත්ත්වය නිසා භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලියේ දැඩි තදබදයක් පසුගිය වසරේ අවසන් දින කීපය තුළ පැවැති බවද රේගුව සඳහන් කරයි.

අද (01) සිට වැඩි කෙරෙන වැට් බද්ද නිසා ඊට පෙර භාණ්ඩ ආනයනය කර භාණ්ඩ නිෂ්කාශනය කර ගැනීමට බොහෝ ආනයනකරුවන් උත්සාහ දැරූ බවත්, මේ නිසා භාණ්ඩ ආනයනයේ අසාමාන්‍ය වර්ධනයක් දෙසැම්බර් මස අග නිරීක්ෂණය වූ බවද ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා මාධ්‍යට පවසා ඇත.

ආහාර ද්‍රව්‍ය සේම වැට් බදු වැඩිවන සියලු භාණ්ඩ මෙලෙස ආනයනය කර තිබූ බව රේගුව කියයි. 

ඇඳුම්, ටයිල්, නාන කාමර කට්ටල ඇතුළු ගොඩනැගිලි ද්‍රව්‍ය, විද්‍යුත් උපකරණ, පරිගණක සහ ඊට අදාළ උපාංග, ජංගම දුරකථන සහ උපාංග, සෙල්ලම් බඩු ඇතුළු වැට් බදු වැඩිවන භාණ්ඩ රැසක් විශාල වශයෙන් මෙලෙස ආනයනය කර තිබූ බව රේගුව නිරීක්ෂණය කර ඇත.

ඉකුත් සෙනසුරාදා (30) වන විට කොළඹ වරාය තුළ නිෂ්කාශනය කර ගැනීම සඳහා බහාලුම් 320 ක් පමණ ඉතුරුවී තිබූ බවද පැවසේ.

එමෙන්ම, වරායෙන් පිටත පිහිටා තිබෙන පරීක්ෂණ අංගණ තුනේ පමණක් ඉකුත් 30 වැනිදා වනවිටදී බහාලුම් 370 ක් පමණ නිෂ්කාශන කටයුතු සඳහා ගොඩ ගසා තිබෙන බවද රේගුව කියයි. 

එම සියලු බහාලුම් ඊයේ (31) රාත්‍රි වනවිටදී කඩිනමින් නිදහස් කිරීමට රේගුව කටයුතු යොදා ඇතැයි ද පැවසේ.

රේගු නිලධාරීන්ගේ මාර උනන්දුව

භාණ්ඩ නිෂ්කාශන කටයුතු සඳහා රේගු නිලධාරින් නිවාඩු නොගෙන සිය සේවා කටයුතුවල නිරතවූ බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටී.

ඊයේ (31) මධ්‍යම රාත්‍රි 12 න් පසුව රේගුවේ දත්ත පද්ධතියේ ස්වයංක්‍රීයව සියයට 15 ක්ව පැවැති වැට් බදු ප්‍රතිශතය සියයට 18 ක් දක්වා වැඩිවී අදාළ අය කිරීම් සිදු කෙරෙන බවද ඔහු සඳහන් කළේය.

මෙලෙස සියයට 15 ක වැට් බදු ප්‍රතිශතය යටතේ ආනයනය කර නිෂ්කාශනය කරන ලද භාණ්ඩ වෙළෙඳපොළට නිකුත් කිරීමෙන් පසු පාරිභෝගිකයාගෙන් සියයට 18 ක වැට් බදු ප්‍රතිශතයක් අයකර, එම භාණ්ඩවලින් වැඩි ලාභයක් ඉපැයීමද මෙලෙස විශාල වශයෙන් භාණ්ඩ ආනයනය කිරීමේ සැලසුම වී තිබෙන බවද අනාවරණය වේ.

මූලාශ්‍රය – අරුණ

පුවත්

දෙහිවල සිටි “මැකො” උස්සලා

Published

on

By

දෙහිවල ජාතික සත්වොද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ පහකට අධික වටිනා නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් ඇතැයි දෙහිවල පොලිසිය කියයි.

එම ගිරවුන් රඳවා සිටින කූඩුවේ ඉබි යතුරු කඩා ඇති බව ඉකුත් 5 වෙනිදින  පෙරවරුවේ රාජකාරී සඳහා පැමිණි කූඩුව භාරකරු ඒ බව දැක පාලනාධිකාරිය දැනුම්වත් කිරීමෙන් අනතුරුව ආරක්ෂක නිලධාරියකු විසින් මෙකී පැමිණිල්ල සිදුකර ඇත

එම මැකෝ ගිරවා සමඟ තවත් ගිරවුන් 29 කු එම කූඩුව තුළ රඳවා තිබි ඇතැයි පොලිසිය කියයි. 

මෙම ගිරවා කිසියම් පුද්ගලයකුත් සොරාගෙන යන අයුරු අසල වෙළඳ සැලක සවිකරන තිබෙන සී සිටීවී කැමරාවක ද සටහන් වේ.

මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ වර්ණයෙන් යුත් මැකෝ ගිරවෙකු 2021 වසරේ අගෝස්තු මස 8 වෙනිදින  නැති වූ අතර එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී පසුව සොයාගෙන තිබිණි

Continue Reading

පුවත්

රත්මලානේ 4ක් පොලොන්නරුවේදී ගිලී මරුට

Published

on

By

පොළොන්නරුව, අරලගන්විල ප්‍රදේශයේ පහළ ඇල්ලේ වැවේ ගිලීමෙන් පුද්ගලයින් හතර දෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, රත්මලාන ප්‍රදේශයේ සිට ඥාති නිවසකට පැමිණි පිරිසක් එලෙස අනතුරට ලක්ව ඇති බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ, කාන්තාවන් තුන්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකි.

Continue Reading

පුවත්

බන්ධනාගාර කොමසාරිස් අදත් CIDයට කැඳවලා

Published

on

By

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා දෙවැනි වරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ඇතැයි වාර්තා වේ.

ඒ, ජනපති සමාව ලැබුණු බව පවසමින්, අනුරාධපුර බන්ධනාගාර රැඳවියෙකු නිදහස් කිරීම ගැන ප්‍රකාශයක් ගැනීමට බව පැවසේ. 

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved