Connect with us

පුවත්

වැටී මිය ගිය සිසුන්ගේ පාකිස්තානු මිතුරාගෙන් කටඋත්තර ගන්න බැරි වෙලා

Published

on

කොම්පඤ්ඤවීදියේ අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් වැටුණු සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතනවල ඇතුළත් කර තිබූ සිම් කාඩ්පත්වලට අදාළ දුරකතන ඇමැතුම් දත්ත වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිසියට ලබා දෙන ලෙස කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා අදාළ දුරකතන සේවා සපයන සමාගම්වලට නියෝග කළේය.

විමර්ශන කටයුතු ඉදිරියට ගෙන යාම සඳහා මියගිය එම සිසුවාගේ සහ සිසුවියගේ ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවශ්‍ය බවට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ ඉල්ලීමකට අවසර ලබා දෙමින් කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා මෙම නියෝගය නිකුත් කළේය.

ජංගම දුරකතන දත්ත වාර්තා ලබා ගැනීමට අවසර ඉල්ලමින් කොම්පඤ්ඤවීදිය පොලිසියේ පැමිණිල්ල මෙහෙයවූ නිලධාරියා කියා සිටියේ මියගිය සිසුවා සහ සිසුවිය අල්ටෙයාර් තට්ටු නිවාස සංකීර්ණයේ සිටි ඔවුන්ගේ මිත්‍රයකු මුණ ගැසීමට ගොස් ඇති බවත් එම මිත්‍රයා පාකිස්තාන ජාතිකයකු බවත්ය.

එම පාකිස්තාන සිසුවාගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය ඔහුගේ නිවසට ගියත් එම සිසුවාගේ පියා පාකිස්තාන මහා කොමසාරිස් කාර්යාලයේ ඉහළ නිලධාරියකු වූ නිසා එයට අවස්ථාවක් නොලැබුණු බවද කොම්පඤ්ඤවීදිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා වෙත දන්වා සිටියේය.

එහිදී කොටුව මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා කියා සිටියේ අදාළ පුද්ගලයාට තානාපති වරප්‍රසාද තිබේදැයි සොයා බලා තිබේ නම් අදාළ පනත අනුව කටයුතු කරන ලෙසය.

මූලාශ්‍රය – ලංකාදීප

පුවත්

2024 උ / පෙළ ප්‍රතිඵල නිකුත් වේ

Published

on

By

2024 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ඒ අනුව www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිසීමෙන් මෙම ප්‍රතිඵළ පරීක්ෂා කළ හැකි බවය.

Continue Reading

පුවත්

NPP ගිවිසුම් නිසා ලංකාව ජිහාඩ් තර්ජනයක (වීඩියෝ)

Published

on

By

ඉන්දියාව සහ පාකිස්ථානය අතර ඇතිවිය හැකි ගැටුම්කාරී තත්ත්වය හමුවේ ජාතික ජන බලවේගය ඉන්දියාව සමඟ අත්සන් කර ඇති “හොර ගිවිසුම” නිසා ශ්‍රී ලංකාව ස්වයංක්‍රීය ව එම ගැටුමට මැදිහත් වීමේ අවදානමක් පවතින බවත්, එය ජිහාඩ් කල්ලිවල ඉලක්කයක් බවට රට පත් කළ හැකි බවත් හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ මහරගම නගර සභාව වෙනුවෙන් පළාත් පාලන ජන්දය සඳහා සිය පක්ෂයෙන් ඉදිරිපත් කර සිටින අපේක්ෂකයන්ට සහාය දැක්වීමට සංවිධානය කර තිබූ ජනහමුවක් අමතමිනි.

එහිදී දළදා ප්‍රදර්ශනයේ දී ජාතික ජන බලවේගයේ අදූරදර්ශී ක්‍රියා හේතුවෙන් මහජනයා මුහුණ දුන් දුෂ්කරතා පිළිබඳ ව ද රණවක මහතා මෙහි දී අවධානය යොමු කළේ ය. 

“සාංඝික දානයක් වත් දීපු මිනිහෙක් ද මේ ජනාධිපති? ගෙදර සාංඝික දානයක් දීපු කෙනෙක් ද මේ අගමැතිතුමිය? මේගොල්ලන්ට පුළුවන් ද, දළදා මංගල්‍යය වගේ දෙයක් කරන්න?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළ අතර, 

එවැනි අත්දැකීම් නොමැති පිරිසක් නිසා මහනුවර “එක ම කහළ ගොඩක් එක ම අසූචි ගොඩක්, එක ම මුත්‍රා ගොඩක් බවට පත් වෙලා” යැයි ද ඔහු පෙන්වා දුන්නේ ය.

මෙය ජාතික ජන බලවේගයේ “වැඩ බැරි කම” පෙන්නුම් කරන බවත්, ඔවුන්ගේ පාලනය යටතේ වන්දනාකරුවන්ට පවා පොලිසිය හා හමුදාව යොදවා නතර කිරීමට සිදු ව ඇති බවත් ඔහු පැවසීය

Continue Reading

පුවත්

රත්නපුර රෝහලේ සේවකයින් 166කට ඩෙංගු

Published

on

By

රත්නපුර ශීක්ෂණ රෝහලේ ඩෙංගු වැළඳුණු සෞඛ්‍ය සේවකයින් සංඛ්‍යාව 166 දක්වා ඉහළ ගොස් ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පවසයි.

ජනවාරි සිට මේ දක්වා රත්නපුර දිස්ත්‍රික්කයෙන් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 1,465ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ද ඔහු පැවසුවේ ය.

වසරේ ගතවූ කාලය තුල මෙරටින් වාර්තාවූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 14,600කට අධිකය.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන්නේ කොළඹ, ගම්පහ, කළුතර හා රත්නපුර දිස්ත්‍රික්ක වලිනි.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved