රාජ්‍ය සේවයේ පවතින වැටුප් විෂමතා සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා විශේෂ කමිටුවක් පත්කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (27) රැස් වූ කැබිනට් මණ්ඩලයේ දී මෙම තීරණය ගෙන ඇත.
මේ වන විට රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර රැසක නිලධාරීන් වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් වී ඇති බැවින් ඊට කඩිනම් විසඳුම් ලබාදිය යුතු බව ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනා කරන ලදී.
ඒ අනුව එක් එක් ක්ෂේත්‍රවල පවතින වැටුප් විෂමතා පිළිබඳව අධ්‍යයනය කර ඊට ලබාදිය යුතු විසඳුම් නිර්දේශ කිරීම සඳහා කමිටුවක් පත්කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇති අතර එම යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
අමාත්‍යංශ ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් සැඳුම්ලත් අදාළ කමිටුව කඩිනමින් පත්කරන ලෙස ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත උපදෙස් ලබාදී ඇත.