පුවත්

වැඩබලන්න පොලිස්පති කෙනෙක් පත්තකරන්න ජනපතිට බැහැ – අගමැති කියයි

Published

on

වැඩබලන පොලිස්පතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිවරයාට මේ මොහොතේ නීතිමය ප්‍රතිපාදන නොමැති බව අද (26) පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

එහිදී අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ දැනට පවතින පොලිස්පති ධූරය හිස් නොවන බවය.

“පොලිස්පති සම්බන්ධව වැඩ අත්හිටුවා ඇති ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය බලරහිත කළයුතු යැයි කථානායකවරයා සහ පාර්ලිමේන්තුව වෙත සිහිපත් කරනවා. කථානායකවරයා මේ සම්බන්ධව හැකි ඉක්මණින් මැදිහත් වන ලෙස අපි දන්වා සිටිනවා.” යනුවෙන් ද අගමැතිවරයා පැවසීය.

මේ අතර, නීති විශාරදයන් කියා සිටින්නේ මේ තත්ත්වය නිසා අධිකරණය හා ව්‍යවස්ථාදායකය අතර ගැටීමක් ඇතිවිය හැකි බවයි.

Trending

Exit mobile version