වැඩබලන නීතිපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා අගවිනිසුරුවරයා ඉදිරියේ අද (01)දිවුරුම් දී තිබේ.
හිටපු නීතිපති ජනාධිපති නීතිඥ සංජේ රාජරත්නම්ගේ විශ්‍රාම යෑමෙන් පුරප්පාඩු වූ නීතිපති ධුරයේ වැඩබැලීම සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පත්කරන ලදී.
හිටපු නීතිපති සංජේ රාජරත්නම්ගේ සේවා කාලය දීර්ඝ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට අවස්ථා දෙකකදීම නිර්දේශ කර තිබූ නමුත් ව්‍යවස්ථා සභාව එම නිර්දේශය ප්‍රතික්ෂේප කර තිබුණි.